Home » 2024 අයවැය සඳහා කථානායකගේ සහතිකය
Economy

2024 අයවැය සඳහා කථානායකගේ සහතිකය

ලබන වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ලබා දී තිබේ.

පාර්ලිමේන්තුවේ දී ඊයේ (13) සම්මත කරන ලද 2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායකවරයා සහතිකය ලබාදීමත් සමඟ එය 2023 අංක 34 දරන විසර්ජන පනත ලෙස බලාත්මක වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය නොවැම්බර් 13 වැනිදා 2024 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අනතුරුව නොවැම්බර් 21 වැනිදා දක්වා අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවති අතර, එදින පස්වරුවේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර, එය වැඩි ඡන්ද 45කින් සම්මත විය.  

අයවැය තෙවැනි වර කියවීමේ විවාදය නොවැම්ර් 22 වැනිදා සිට ඊයේ දිනය දක්වා පැවැත්විණි.

ඒ අනුව ඊයේ පස්වරුවේ අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ දී  අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 81ක් පමණි.

එහි දී එක් මන්ත්‍රීවරයකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව වැඩි ඡන්ද 41කින් අයවැය තෙවැනි වර කියවීම සම්මත විය.

මූලාශ්රය: අදදෙරණ

Translate