Home » රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට අධිකරණයෙන් නියෝග
Asia Economy Featured News South Asia

රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට අධිකරණයෙන් නියෝග

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (දෙසැ. 15) නියෝග කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දී ඇත.

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් වෛද්‍යවරුන් පිරිසක් ගොනු කර තිබූ රිට් පෙත්සමක් සැලකිල්ලට ගනිමින් මෙම තීන්දුව දී තිබේ.

මූලාශ්රය: මව්බිම

Translate