Home » ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය යළිත් මහින්දට
Asia Featured News Politics South Asia Sri Lanka

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය යළිත් මහින්දට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත පත් කර තිබේ.

මේ වන විට ආරම්භ වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහින්ද රාජපක්ෂගේ නම යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු එය ස්ථිර කළේ ය.

ඉන් අනතුරුව එම යෝජනාවට මහා සම්මේලනයේ අනුමැතිය ඒකමතිකව හිමි විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අද (දෙසැ. 14) පස්වරුවේ ආරම්භ විය.

මූලාශ්රය: මව්බිම

Translate