Home » බිත්තර මිල 70ට ළඟයි: දවසට බිත්තර මිලියන 2 බැගින් සතොසට දමයි
Asia Economy Featured News South Asia Sri Lanka

බිත්තර මිල 70ට ළඟයි: දවසට බිත්තර මිලියන 2 බැගින් සතොසට දමයි

ඉන්දියාවෙන් බිත්තර මිලියන 30ක් ආනයනය කර ඇති බවත් එම බිත්තර මිලියන දෙක බැගින් දිනපතා සතොස සඳහා නිකුත් කරන බවත් ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පැවසීය.

උත්සව සමයට අවශ්‍ය කේක් නිෂ්පාදනය සඳහා මහා පරිමාණ බේකරි හිමියන් බිත්තර තොග ගණනින් මිල දී ගැනීම නිසා මෙම තොග හිඟය පවතින්නේ යැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

නිෂ්පාදකයන් බිත්තර සඟවා තබාගෙන සිටීම සහ බිත්තර මිල ඉහළ දමමින් පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරන්නේ නම් ලබන වසර සඳහා ද බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

රුපියල් 42-45ට තිබුණු බිත්තර මිල පසුගිය සතියේ සිට රුපියල් 60-65 දක්වා මිලකට කෘත්‍රිම ලෙස ඉහළ දැමීමට වෙළෙඳුන් කටයුතු කර ඇති බවත් ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව ගෙන්වන ලද තවත් මිලියන හය හතකට වැඩි බිත්තර තොගයක් සතොස හරහා රුපියල් 35ක මිලට ගැනීමට කටයුතු සලසන බවත් අමාත්‍යවරයා පැවසීය.

බිත්තර තොග විශාල වශයෙන් එක්රැස් කර සිටින අය සම්බන්ධයෙන් වහා ම පියවර ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කළ බවත් ඔහු කීය.

මේ නිසා ලබන සතිය වන විට බිත්තර මිල පහත වැටෙන බවත් වැඩි මිලට බිත්තර එක්රැස් කරගැනීම අනවශ්‍ය යැයි පාරිභෝගිකයන්ට දැනුම් දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මූලාශ්රය: මව්බිම

Translate