Home » සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇරැඹීමට ජපානය සමග තවදුරටත් සාකච්ඡා – ඇමති ප්‍රසන්න රණතුංග
Asia Economy Featured News South Asia Sri Lanka

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇරැඹීමට ජපානය සමග තවදුරටත් සාකච්ඡා – ඇමති ප්‍රසන්න රණතුංග

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර පැවති සාකච්ඡාවකදී මෙම ව්‍යාපෘතිය යළි ඇස්තමේන්තු කිරීමට අවධානය යොමුව තිබේ. කොවිඩි වසංගතය හා ආර්ථික අර්බුධය හේතුවෙන් මේ සදහා වැය වන මුදල මුල් ඇස්තමේන්තුවට වඩා ඉහළ යෑම ඊට හේතුවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය හා ජපාන රජය සමග පැවති සාකච්ඡාවලදී ගනු ලබන තීරණ අනුව ලබන වසර තුළ පොදු පහසුකම් විතැන් කිරීම හා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට හැකිවනු ඇතැයිද ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සඳහා මූලික ශඛ්‍යතා අධ්‍යයනයක් සිදුකර තිබිණි. එහි මාළඹේ සිට පිටකොටුව දක්වා වන ඉදිකිරීම්වලට අදාළව සවිස්තරාත්මක සැලසුම්, කොන්ත්‍රාත් ලේඛණ, ලංසු ලේඛණ ඇස්තමේන්තු හා අධීක්ෂණ සේවා සැපයීම සදහා ජාත්‍යන්තර උපදේශන සමාගමක් පත් කෙරුණු අතර එම මූලික කරුණු වෙනුවෙන් වෙන් කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 120 කි.

මෙම මූලික කටයුතු 2019 අප්‍රේල් මාසයේදී ආරම්භ කෙරුණු අතර එය අවසන් වීමට තිබුණේ මාස 91කිනි. කෙසේ වෙතත් මාස 21 ක උපදේශන කාල සීමාවෙන් පසු එනම් 2020 දෙසැම්බර් 31 වන දින වනවිට ව්‍යාපෘතිය අවලංගු කිරීමට රජය තීරණය කර තිබේ. මෙම උපදේශන කටයුතු නතර කරන විට ව්‍යාපෘතියේ මූලික සැලසුම් 60% ක් අවසන්ව තිබුණු අතර විස්තර සැලසුම් 78% ක් අවසන්ව තිබේ. මාළඹේ දක්වා පාංශු පරීක්ෂණ මෙන්ම පූර්ව ශඛ්‍යතා අධ්‍යයනය අවසන්ව තිබේ.

ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමද ආරම්භ කර ඇති අතර ඒ සඳහා හඳුනාගෙන ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 22 කි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසන්නේ බොහෝ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වී ඇති බවයි. එහෙත් අදාළ අත්පත් කර ගත් ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීමේ කටයුතු මෙතෙක් සිදු කර නොමැති බවයි.

සැහැල්ලු දුම්රිය සේවාව අවලංගු කිරීම හේතුවෙන් උපදේශන සේවා සඳහා පත්කළ සමාගම ඉල්ලා සිටි ආලාභහානි විශ්ලේෂණය කර ගතයුතු පියවර තීරණය කිරීමට ඇමති මණ්ඩලය සාකච්ඡා කමිටුවක් පත් කර ඇති අතර ජයිකා ආයතනය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලැබෙන ණය මුදලින් එය ගෙවීමට එකඟ වී තිබේ. එහෙත් ලබාගෙන ඇති ණය මුදල සක්‍රීය වී නොමැති නිසා ගෙවීම් සිදු කළ නොහැකි වී ඇතැයිද ඇමතිවරයා පෙන්වා දෙයි.

මූලාශ්රය: දිවයින

Translate