Home » කන පැලෙන්න වක්‍ර බදුත් ගහලා ආණ්ඩුව අයි.එම්.එෆ් සනසනවා – වෛද්‍ය හරිත අලුත්ගේ
Asia Economy Featured News South Asia Sri Lanka

කන පැලෙන්න වක්‍ර බදුත් ගහලා ආණ්ඩුව අයි.එම්.එෆ් සනසනවා – වෛද්‍ය හරිත අලුත්ගේ

සෘජු බදු දරා ගත නොහැකි ලෙස වෘත්තිකයන්ගේ සහ ජනතාවගේ කර මත හෙලූ ආණ්ඩුව වක්‍ර බදුද කන පැළෙන්න ජනතාව මතම පටවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සනසවමින් සිටින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් පෙරේදා (13 දා) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පාර්ලිමේන්තුව අසල පැවැත්වූ විරෝධතාවය අතර තුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.

අයිතම අනූවකට වැඩි ගණනකට වැට් වැඩි කරලා තියෙනවා. 15%ට තිබුණු සමස්ත බද්ද 18% දක්වා වැඩිකර තිබෙනවා. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඉතාම සංවේදී ක්‍ෂේත්‍ර ගණනාවකට 0% සිට 18% දක්වා වැට් ගහලා. ජනාධිපති ලේකම් කාර්යාලයත් පිළිගත් විදිහට මේ රටේ වෘත්තිකයන් වසරකට ගෙවිය යුතුව පැවතියේ බදු මුදල් ලෙස බිලියන සියයක මුදලක්. නමුත් අද වනවිට බිලියන 140 කට ආසන්න මුදලක් මේ රජය බදු ලෙස අයකර ගෙන තිබෙනවා.

පාලකයන් සාකච්ඡාවලදී පවතින බදු අසාධාරණ බව පිළිගත්තත් කිසිදු සද්භාවයක් පෙන්නුම් කර නැහැ. රට නියෝජනය කරමින් අයි.එම්.එෆ් යන බදු උපදේශකයෝ විශේෂඥයෝ කටයුතු කරන්නේ රටේ අවශ්‍යතාවය අවබෝධ කර නොගනිමින්. ඔවුන් තවදුරටත් මේ තනතුරුවල සිටිය යුතු නැහැ. ඔවුන් ඉල්ලා අස්විය යුතුයි.

මූලාශ්රය: දිවයින

Translate