Home » පුටින්ගෙන් සැර ප්‍රකාශයක්
Defence Europe Featured Global News News Russia

පුටින්ගෙන් සැර ප්‍රකාශයක්

තවදුරටත් සිය යුද අරමුණු නොවෙනස්ව ඉදිරියට පවතින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

යුක්‍රේනයට එරෙහි යුද්ධය ආරම්භ කිරීමෙන් පසුව එරට පැවති දැවැන්තම මාධ්‍ය හමුව වෙත එක්වෙමින් පුටින් මේ බව සඳහන් කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුටින් පවසන්නේ යුක්‍රේනය සමග සාමය ඇතිවන්නේ සිය අරමුණු සාක්ෂාත් කරගැනීමෙන් පසුව පමණක් බවය.

මේ අතර ස්වෛරීභාවයෙන් තොරව රුසියාවේ පැවැත්මක් නොමැති බවද පුටින් එහිදී සඳහන් කර තිබේ.

එසේම එහිදී පුටින් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ අනෙකුත් රටවල මිනිසුන්ට ගරු කරන ලෙස අමෙරිකාවෙන් ඉල්ලා සිටින බවය.

යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග බටහිර රටවලින් එල්ලවන බලපෑම්, ආර්ථික සම්බාධක සහ දේශපාලනමය හුදෙකළා බව තැකීමකින් තොරව රුසියාවට තවදුරටත් ඉදිරියට යා හැකි බවද පුටින් එහිදී සඳහන් කර තිබේ.

මෙම සාකච්ඡාවේදී රුසියානු ජනාධිපතිවරයාගෙන් විමසීම සඳහා එරට ජනතාව විසින් යොමුකර තිබූ ගැටලු සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මූලාශ්රය: අදදෙරණ

Translate