Home » බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නැහැ… සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් කියයි
Featured News South Asia Sri Lanka

බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නැහැ… සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් කියයි

ඩීසල් මිල ඉහළ ගිය ද, බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නොමැති බව  සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් පවසයි.  

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, ඉන්ධන මිල ඉහළ දැමීම බස් හිමියන්ට දරාගත නොහැකි තත්ත්වයක් වුවත් මේ මොහොතේ බස් ගාස්තු ඉහළ දැමීමට උනන්දු නොවන බවයි. 

කෙසේ වෙතත් නැවත වතාවක් ඩීසල් මිල ඉහළ දැමුව හොත් ඉතා ඉහළ අගයක බස් ගාස්තු සංශෝධනයක් කිරීමට  සිදුවන බවද  ඔහු පැවසී ය. 

”ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීම බස් හිමයාට දරාගත නොහැකි තත්ත්වයක්. නමුත් මේ මොහොතේ  බස් ගාස්තු ඉහළ දැමීමට අපි කිසිසේත් උනන්දු වන්නේ නැහැ. අපි විශ්වාස කරනවා මගී ජනතාව සහ බස් රථඛ හිමියන් , සේවකයින් දැන් කළ යුත්තේ රජයට බලපෑම් කළ යුතුයි. නැවත වතාවක් ඩීසල් වැඩි කරන්න එපා..  එහෙම වැඩි කළොත් බස් රථ හිමියාට සිද්ධ වෙනවා ඉතා ඉහළ අගයකින් බස් ගාස්තු සංශෝධනයක් කරා යන්න”  

 – අංජන ප්‍රියන්ජිත්  – 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගත්තේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි. 

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 9කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 356කි. 

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දැමූ අතර  එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 423 ක් ලෙසයි.

මිල ද රුපියල් 5කින් ඉහළ දැමූ ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 356ක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසී ය. 

සුපිරි ඩීසල් ලීටරයක් ද  රුපියල් 10කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 431 කි. 

රුපියල් 242ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ නංවා තිබේ. 

භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 249 කි.

මේ අතර ලංකා IOC සමාගම ද  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය  කිරීමට පියවර ගත්තේ ය.  

මූලාශ්රය: News First

Translate