Home » අයි.සී.සී. තහනම හැකි ඉක්මණින් ඉවත්කරගත යුතුයි
Featured News South Asia Sports Sri Lanka

අයි.සී.සී. තහනම හැකි ඉක්මණින් ඉවත්කරගත යුතුයි

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම හැකි ඉක්මණින් දින කීපයක් තුළ ඉත්කරගැනීම ඉතාමත් වැඳගත් බවත් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගන්නා තීරණ නීතියට අනුව ක්‍රියාත්මක කළ යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් පසුව හරීන් ප්‍රනාන්දු මහතා අද (27) පස්වරුවේ පැවසීය.

එම තහනම ඉවත්කරගැනීම වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ට වඩාත් වැඳගත් වන බවත් එම තරගාවලිය හැකිනම් නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒමට උත්සහ කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.  

අයි.සී.සී.ය අතුරු කමිටු පිළිනොගන්නා බවත් ක්‍රිකට්වලට අවශ්‍ය මුදල් අන්තර්ජාතික ක්‍රිකට් සභාව පමණක් සපයන අතර ආණ්ඩුවේ මුදල් ක්‍රිකට්වලට වියදම් නොකරන බවත් අමාත්‍යවරයා කීය.

දූෂණ නැති කිරීම ආදි සියලුම දේවල් නීතිමය රාමුව තුළ පමණක් කළ යුතු බව කී අමාත්‍යවරයා පැවසුවේ අයි.සී.සී.ය දේශපාලන බලපෑම් ප්‍රතික්ෂේප කරන බවත්ය.

මූලාශ්‍රය: ලංකාදීප

Translate