Home » තුන්වැනි වරටත් ඊශ්‍රායලයට ආ අමෙරිකානු රාජ්‍ය ලේකම් අගමැති නෙතන්යාහු හමුවෙයි
Featured Global News Israel News Politics

තුන්වැනි වරටත් ඊශ්‍රායලයට ආ අමෙරිකානු රාජ්‍ය ලේකම් අගමැති නෙතන්යාහු හමුවෙයි

ඊශ්‍රායලයට පැමිණ සිටින අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවී තිබේ. 

ඊශ්‍රායලයේ ටෙල් අවිවිහි දී අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය ලේකම්වරයා අතර මෙම පෞද්ගලික හමුව සිදුව ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය ලේකම්වරයා යුද කැබිනට් මණ්ඩලය ද හමුවීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

ඊශ්‍රායල – ගාසා යුද්ධය ආරම්භවීමෙන් පසු  මේ දක්වා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලට පැමිණි තුන්වන අවස්ථාව මෙයයි. 

ඊශ්‍රායලය බලා පිටත්ව යාමට පෙර වොෂින්ටන්හිදී  ඔහු මාධ්‍යවේදීන්ට පවසා තිබුණේ, සිය සංචාරයේදි ගාසාහි සාමාන්‍ය ජනතාවට සිදුවන හානි අවම කිරීම සඳහා ස්ථීරසාර පියවර ගැනීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි. 

මූලාශ්රය: News First

Translate