Home » රොෂාන් රණසිංහට ජනපතිගෙන් ප්‍රශ්න දෙකක්
Featured News Politics South Asia Sri Lanka

රොෂාන් රණසිංහට ජනපතිගෙන් ප්‍රශ්න දෙකක්

ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරි මාර්ග අමාත්‍යාංශයට අදාලව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී  යොමු කළ ප්‍රශ්න දෙකකට රොෂාන් රණසිංහ මහතාට නිසි පිළිතුරක් නොවූ බවද ඉන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු ධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාරදී තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ක්‍රිකට් අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනු කමිටුවක් පත් කර තිබිදී ක්‍රිඩා ඇමතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලය වෙත ගොස් සජිත් ප්‍රේමදාස හා විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ ක්‍රිකට් අර්බුදය විසදීම සඳහා ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය හා කතා කළේ ඇයිදැයි ජනාධිපතිවරයා විමසා ඇත.

දෙවෙනි පැනය ලෙස ජනපති විමසා ඇත්තේ  මහවැලි ඉඩම් බෙදා දීම වෙනුවෙන් ඇමතිවරයා ලෙස ඔහු ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබූ පිරිසෙන් බහුතරයක් ඔහුගේ දේශපාලන හිතවතුන් සහ ඥාතී මිත්‍රාදීන් වූයේ ඇයි ද යන්නයි. 

එසේ කළේ මන්දැයි විමසා ඇති ජනපති ඉඩම් හිමි අහිංසක ජනතාව සිටියදී මෙලෙස කිරීම ගැටළුවක් බවද පෙන්වා දී තිබේ.

එම ප්‍රශ්න දෙකටම ඇමතිවරයා නිරුත්තරවීම නිසා  කැබිනට් මණ්ඩල සාමුහිකත්වය කඩ කිරීම පිළිබඳව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා විසින් ඔහුව ඇමතිධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාරදී ඇත. 

කැබිනට් සාකච්ඡාවකින් පසු ඇමතිවරයෙක් සිය ධූරයෙන් ඉවත් කළ පළමු ජනාධිපතිවරයා ලෙස මෙය ඉතිහාසගත වනු ඇතැයි දේශපාලන විචාරයකයෝ පවසති.

මූලාශ්‍රය: ලංකාදීප

Translate