Home » සීනි සඳහා උපරිම සිල්ලර මිලක්
Economy Featured News South Asia Sri Lanka

සීනි සඳහා උපරිම සිල්ලර මිලක්

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සුදු සීනි පැකට් නොකළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 275ක් සහ පැකට් කළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 295ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

එසේම දුඹුරු සීනි පැකට් නොකළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක් සහ පැකට් කළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල්350ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

ඒ අනුව මෙම මිල ගණන් අද (03) සිට ක්‍රියාත්මක වනු ඇත.

මූලාශ්‍රය: අදදෙරණ

Translate