Home » ඊශ්‍රායලයට තවත් තර්ජනයක්
Defence Featured Global News Israel News

ඊශ්‍රායලයට තවත් තර්ජනයක්

ලෙබනන දේශසීමාව සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ඒ ලෙබනනයේ හිස්බුල්ලා නායකයා ඊශ්‍රායල – හමාස් යුද්ධය ගැන අද (03) පළමුවරට අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙනි.

ඔහු සිය ප්‍රකාශය හෙළිනොකළ ස්ථානයක සිට සිදුකර ඇති අතර ඔහුගේ ප්‍රකාශය බේරුට් නගරයේ විශාල ජනතාවක් නැරඹූ බව විදෙස් මාධ්‍ය පැවසීය.
   
හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා පැවසුවේ ඊශ්‍රායලයට ඔක්තෝබර් 07 වනදා ප්‍රහාර එල්ල කළේ 100%ක් පලස්තීනුවන් බවයි.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් හමාස් සංවිධානයට ඔහු සුබ පැතූ බවද සඳහන් ය.

මේ අතර ඊශ්‍රායලය අනතුරු අඟවන්නේ මෙම යුද්ධයට හිස්බුල්ලා සංවිධානය සම්බන්ධ වුවහොත් ඔවුන්ට දරුණු ප්‍රතිවිපාක විඳින්නට සිදුවිය හැකි බවයි.

මූලාශ්‍රය: අදදෙරණ

Translate