Home » මද්‍යසාර නිසා දිනකට ජීවිත 40ක් අකාලයේ අහිමිවෙයි
Featured News South Asia Sri Lanka

මද්‍යසාර නිසා දිනකට ජීවිත 40ක් අකාලයේ අහිමිවෙයි

මද්‍යසාර භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දිනකට මිනිසුන් 40ක් පමණ අකාලයේ මිය යන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මද්‍යසාර භාවිතය නිසා වසරකට මිනිසුන් 15000ක් පමණ මිය යන බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මද්‍යසාර වලින් ලැබෙන ආදායමට වඩා මද්‍යසාර නිසා රටට සිදුවෙන ආර්ථික හානිය විශාල බව අධ්‍යන වලින් පැහැදිළි වන බව පවසන එම මධ්‍යස්ථානය 2015 වසරේ සුරාබඳු ආදායම රුපියල් මිලියන 105234ක් වන විට එම වසරේ මද්‍යසාර නිසා රජයට සිදු වූ ආර්ථික හානිය රුපියල් මිලියන 119660ක් බව පවසයි.

රටක සංවර්ධනයට මද්‍යසාර බාධාවක් වන අතර එය තිරසාර සංවර්ධන ඉලක්ක 17න් 14ක් සඳහා ම මද්‍යසාර බාධකයක් ලෙස කටයුතු කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
මද්‍යසාර කිසිඳු ප්‍රමණයක් මිනිස් සිරුරට හිතකර නොවන බව විද්‍යාත්මකව සනාථ කර ඇති අතර පිළිකා, සිරෝසිස්, වකුගඩු, හෘද රෝග වැනි රෝග බොහොමයකට මද්‍යසාර භාවිතය සෘජුවම බලපාන බව තහවුරු කර ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

රිය අනතුරු, කාන්තා හිංසනය හා ළමා අපචාරවලට ද මද්‍යසාර ප්‍රධාන හේතුවක් වී ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.ඉන් ජන ජීවිතය ඉහළට ඔසවා තැබිය හැකි බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මූලාශ්‍රය : දිනමිණ

Translate