Home » ඉදිරි සති දෙක ඇතුළත පළාත් මට්ටමින් නව ගුරුවරු බඳවා ගැනීමට පියවර
Asia Featured News South Asia Sri Lanka

ඉදිරි සති දෙක ඇතුළත පළාත් මට්ටමින් නව ගුරුවරු බඳවා ගැනීමට පියවර

ඉදිරි සති දෙක ඇතුළත පළාත් මට්ටමින් නව ගුරුවරුන් බඳවා ගැනීම සඳහා පළාත් සභාවලට බලය දෙන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

විශ්‍රාමගිය සහ සේවය හැර ගිය ඉංග්‍රීසි භාෂාව වැනි විෂයන් සඳහා වූ ගුරුවරුන් නැවත වසර 02ක් සඳහා සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇතැයිද හෙතෙම පැවසීය.

විද්‍ය ,තාක්ෂණ ඉංග්‍රිසි විෂයන් සඳහා ගුරුවරු 5400ක් බඳවා ගැනීමට අවසර ලබා දුන් බවත් මධ්‍යම පළාත මේ වන විට ගුරුවරු 700ක් බඳවා ගැනීමට කටයුතු කර ඇතැයිද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේ,

කිසිදු විධිමත් භාවයකින් තොරව බඳවා ගත් සංවර්ධන නිලධාරින් 52,000ක් අතුරින් 22,000ක් පමණ පාසල්වලට අනුයුක්ත කර තිබෙනවා. කිසිම වරණයක් නැතිව තමයි මෙලෙස අනුයුක්ත කර තිබෙන්නේ. මෙම පිරිස විධිමත් ගුරු පුහුණුවක් ලබා දී පාසල් වලට අනුයුක්තර කිරිමට තීරණය කළා. නමුත් පිරිසක් විසින් අධිකරණයේ අතුරු තහනම් නියෝගයක් ගෙන එම තීරණය නැවැත්තුවා. මෙය ඉඩම් නඩුවක් වගේ නෙමෙයි. අතුරු තහනම් නියෝගයක් දෙන්නේ යම් අසාධාරණයක් වෙනවනම්

තාවකාලිකව එය නවත්වන්න. ඉදිරියේදී මෙම අතුරු තහනම් නියෝග වලට නිෂ්චිත කාලසීමාවක් දාන්න ඕන. දරුවන්ට වෙන අසාධාරණය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් මේ වන විට 8000ක් පමණ සිටි බවත් ඔටිස් කියන තත්වය මේ වන විට වර්ධනය වී ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා විශේෂ ගුරුවරු පුහුණු කිරීමින්
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් වෙනම ගුරුවරු පුහණු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.

මූලාශ්‍රය : සිංහල පුවත්

Translate