Home » සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැක ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහයෝගය රජය ලබා දෙනවා
Asia Business Economy Featured News South Asia Sri Lanka

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැක ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහයෝගය රජය ලබා දෙනවා

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැක ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහයෝගය රජය ලබා දෙන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් විවිධ මූල්‍ය සහයෝගය ලබා දෙන ආයතනත් සමග රජය සාකච්ඡා කරන බවද හෙතෙම සඳහන් කළේය. මේ වන විට ප්‍රතිපත්ති පොළී අනුපාතය අවස්ථා දෙකකදී අඩු කළ බවත් ඉදිරියේදි මෙම පොළී අනුපාතයන් තවත් අඩු වනු ඇතැයිද

හෙතෙම සඳහන් කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැඩබලන මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ආර්ථිකය බින්දුවේ ඉඳන් ක්‍රමානුකූලව ගොඩ නැගෙමින් තිබෙනවා.ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට රජය සහය දක්වනවා.

රට ඉදිරියට යන විට ඉතිහාසයේ ඇති වූ ගැටලු නැවත ඇති නොවීමට නම් ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයක් තිබෙනවා. මේ රටේ රාජ්‍ය මූල්‍ය පාලනය සඳහා මේ වන විට කමිටු 06ක් පත් කර තිබෙනවා.

මේ වන කොට කමිටු ගණනාවක් පාර්ලිමේන්තුව ත්‍රළ ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදි ඇමති මාරු වුණත් මෙම ජාතික ප්‍රතිපත්ති නොවෙනස්ව ඉදිරියට යනු ඇතැයිද හෙතෙම කීය.

මූලාශ්‍රය : සිංහල පුවත්

Translate