Home » බිත්තර නිෂ්පාදන ගොවිපොළවල් 11,000 ක් වැහිලා
Economy Featured News South Asia

බිත්තර නිෂ්පාදන ගොවිපොළවල් 11,000 ක් වැහිලා

මව් සතුන්ගේ මිල මෙන්ම සත්ව ආහාර හා සත්ව ඖෂධ මිල ද ඉහළ යාම නිසා ගෙවීගිය මාස 09 ක කාලය තුළදී කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදන ගොවිපොළවල් එකොළොස් දහසකට (11,000) ආසන්න ප්‍රමාණයක් වැසී ගොස් තිබෙන බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙම ද්‍රව්‍ය වල මිල ඉහළ ගිය බවත්,එතෙක් රට තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ගොවිපළවල් විසි දහසකට (20 (00) අධික ප්‍රමාණයක් පැවති බවද එම සංගමයේ සභාපති සුජීව ධම්මික මහතා සඳහන් කළේය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසය වන විට රටේ දෛනික බිත්තර අවශ්‍යතාව බිත්තර ලක්ෂ අසුවකට (80) ආසන්න වූ බවත් එම ප්‍රමාණයෙන් 60% කට වැඩි ප්‍රමාණයක් කුඩා හා මධ්‍ය පරිමාණ ගොවිපොළ හිමියන් විසින් ලබා දුන් බවද පවසා සිටියේය.

ගොවිපොළවල් වැසී යාමත් සමග මේ වන විට ලක්ෂ දෙකකට වැඩි පිරිසකට ජීවන උපායමාර්ග අහිමි වී තිබෙන බවත් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වා සතොස ඔස්සේ බිත්තරයක් රුපියල් 35 කට හා සුපිරි වෙළෙඳසල් හරහා රුපියල් 40 කටලබා දෙමින් තිබෙන බවද සඳහන් කළේය.

රුපියල් 140ක් රුපියල් 160 ක අතර මිලකට අලෙවි කළ මව් සතකුගේ (කිහිළි පැටවෙක්)මිල මේ වන විට රුපියල් හයක් බවත් රුපියල් 80ත් 100ත් අතර මිලකට අලෙවි වූ සත්ව ආහාර කිලෝවක මිල රුපියල් දෙසීය ඉක්මවා තිබෙන බවත් පෙන්වා දුන්නේය. මේ නිසා දේශීය වශයෙන් බිත්තරයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 40 ක් රුපියල් 41 ක් අතර මුදලක් ගොවිපොළ හිමියන්ට වැය වන බවත් අදාළ ගැටලුවලට විසඳුම් ලබා නොදී රටින් බිත්තර ගෙන්වීම තුළින් සිදුවන්නේ දැනට ක්‍රියාත්මක වන කුඩා හා මධ්‍ය පරිමාණ ගොවිපොළවල් ද වැසි යාම බව ද සඳහන් කළේය.

බිත්තර ලබාගැනීමේ ගොවි පොළවල්වලට අවශ්‍ය මව් සනෙකුගේ මිල රුපියල් 700 ක් බවත් එහෙත් කුකුල් මස් කිලෝවක තොග මිල රුපියල් 1200 ක් බවත් මේ අනුව මව් සතුන්ට අදාළ ජාවාරම් ක්‍රියා සිදුවෙන බවත් සහල් කිලෝවක් රුපියල් 10 කට අලෙවි වන විට කිකිළියන්ට ලබා දෙන සහල් නිවුඩ්ඩ කිලෝවක් රුපියල් 100ක් බව ද පවසා සිටියේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය හා සත්ව නිෂ්පාදන කටයුතු වලට අදාළ ආයතන මැදිහත් වී මව් සතුන් අඩු මිලට ලබා දීමට හා සත්ව ආහාර වල බදු යම් කාලයකට ඉවත් කර දේශීය බිත්තර කර්මාන්තය දියුණු කිරීමට හැකියාව තිබෙන බවත් එහෙත් මේ වන විට සිදුවෙමින් තිබෙන්නේ රටේ විදේශ මුදල් වැය කර පිටරටින් බිත්තර ගෙන්වා දේශීය වශයෙන් ක්‍රියාත්මක වූ කර්මාන්තයක් විනාශ කර දැමීම බව ද සඳහන් කළේය.

මූලාශ්රය : Gossip Lanka News

Translate