Home » දකුණු පළාතට යන විදුලියට හරස් වූ තේ වත්ත
Economy Featured News South Asia

දකුණු පළාතට යන විදුලියට හරස් වූ තේ වත්ත

දකුණු පළාතේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සඳහා ලක්ෂපාන පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා විදුලි සම්ප්‍රේෂණ රැහැනක් එලීමේ වැඩකටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර එමගින් කිලෝ වොට් 220ක විදුලි සැපයුමක් අපේක්ෂිතය.

එහෙත් එම රැහැන දිවෙන මාර්ගයේ දෙනියාය සිරිපාගම ප්‍රදේශයේදී අතරමග ඇනහිට තිබේ.

පෞද්ගලික ඉඩමක් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස එම ව්‍යාපෘතියට බාධා එල්ලවී ඇත.

ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරන ජ්‍යේෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරෙගේ මහතා,

“ඉංජිනේරුවෝ ලෑස්තියි මේක කරන්න. ඒක නිමකළා නම් අපිට සතිදෙකෙන් විතර මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්. එතකොට මේ ලයින් එක කිලෝමීටර් 150ක් කරලා තියෙන්නේ. තව මීටර් 600ක දුරක් හදන්න තියෙන්නේ පොල්පිටියේ සිට හම්බන්තොටට යන ලයින් එක ලයින් එකේ මැද කෑල්ල. ඕක තමයි ඇත්ත තත්ත්වය ඒක කරගන්න බැරි වුණ නිසා තමයි මේ සියලුම දේවල් උඩු දුවන්නේ තුවාල විදිහට.” 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අංශාධිපති මහාචාර්ය අනුර විජයපාල මහතා,

“ඉතින් මේක පණගැන්වීම විතරයි කරන්න තියෙන්නේ. මේකට පොඩි බාධාවක් තියෙනවා. සිරිපාගම හරියේ තියෙනවා තේ වත්තක්. මේ තේ වත්ත හරහාත් මේ සම්ප්‍රේෂණ මාර්ගය වැටිලා තියෙනවා. ඒ තේ වත්ත අයිති අය අනුමැතිය දුන්නේ නැහැ. ඒක නිසා මේ සම්ප්‍රේෂණ මාර්ගය සකස් කරලා ඒ වත්තේ දෙපැත්තේ කණු දෙකත් සවිකරලා විදුලිබල මණ්ඩලය බලාගෙන ඉන්නවා මේ මීටර් 600 රැහැන් ටික ඇදලා මේක බලගන්වන්න. මේක දවස් දෙකක වැඩක්.”

Source : Sinhala Adaderana

Translate