Home » දකුණු කොරියාවේ ලෝක බාලදක්ෂ ජම්බෝරියට ගිය ශ්‍රී ලාංකිකයන්ගේ අත්දැකීම
Asia Featured News South Korea Sri Lanka

දකුණු කොරියාවේ ලෝක බාලදක්ෂ ජම්බෝරියට ගිය ශ්‍රී ලාංකිකයන්ගේ අත්දැකීම

මෙවර දකුණු කොරියාවේ, සෙමාන්ගම් හි පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා 40,000කට අධික බාලදක්ෂ පෝතකයින් සංඛ්‍යාවක් එක්ව සිටියි.

දකුණු කොරියාවට බලපා ඇති සෙල්සියස් අංශක 35 කට අධික වූ උෂ්ණත්වය සහ අවම සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධව රටවල් කිහිපයක් සංවිධායකයින්ට එරෙහිව මීට පෙර චෝදනා එල්ල කරනු ලැබිය.

උණුසුම් කාලගුණය හේතුවෙන් බලපෑමට ලක්වූ දකුණු කොරියාවේ පැවැත්වෙන මෙවර ලෝක බාලදක්ෂ ජම්බෝරියට මේ වන විට සුළි කුණාටු අවදාමක්ද මතුව තිබේ.

ඒ අනුව රටවල් 156කට අයත් බාලදක්ෂ සමාජිකයින් ඇතුළු 36,000කට අධික පිරිසක් හෙට පෙරවරු 10ට ප්‍රධාන කඳවුරු භූමියෙන් ඉවත් කිරීමට මේවන විට සැලසුම් කර ඇත.

රටවල් තුනක් මුලින්ම ඉවත් වූයේ ඇයි?

එංගලන්තය නියෝජනය කරමින් එක්ව සිටි බාලදක්ෂයින් අගෝස්තු 5 වෙනිදා කඳවුරු භූමියෙන් ඉවත්විය
ඡායාරූප ශීර්ෂ වැකිය,එංගලන්තය නියෝජනය කරමින් එක්ව සිටි බාලදක්ෂයින් අගෝස්තු 5 වෙනිදා කඳවුරු භූමියෙන් ඉවත්විය

සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධව චෝදනා නගමින් එංගලන්තය පළමුවෙන්ම ලෝක බාල දක්ෂ ජම්බෝරිය පැවැත්වෙන කඳවුරු භූමියෙන් සිය සාමාජික සාමාජිකාවන් ඉවත් කර ගැනීමට පියවර ගනු ලැබීය.

එංගලන්තය නියෝජනය කරමින් එක්ව සිටි බාලදක්ෂ සාමාජිකයින් සංඛ්‍යාව 4,500 ක් වන අතර මෙවර ලෝක බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් එක් රටකින් සහභාගිව සිටින වැඩිම සාමාජික නියෝජනය ද එයයි.

එංගලන්ත බාලදක්ෂ සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරි මැට් හයිඩ් පවසා සිටියේ මෙම කඳවුරු භුමියේ සෞඛ්‍ය අවධානමක් පවතින බවයි.

එංගලන්තයට සමගාමීව සිංගප්පුරුව සහ ඇමෙරිකාව ද ලෝක බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වෙන කඳවුරු භූමියෙන් ඉවත් වීමට පියවර ගනු ලැබීය.

උණුසුම් කාලගුණය මැද සුළි කුණාටු බියක්

තත්වය මෙසේ තිබියදී දකුණු කොරියාවට අගෝස්තු 11 වැනිදා වන විට සුළි කුණාටු තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බව එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇත.

“කැනන්” නම් වූ මෙම සුළි කුණාටුව හේතුවෙන් ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වෙන කඳවුරු භූමිය ආරක්‍ෂිත නොවන බව දකුණු කොරියානු රජය සංවිධායකයින්ට දැනුම් දී තිබේ.

උණුසුම් කාලගුණය හේතුවෙන් බලපෑමට ලක්වූ  දකුණු කොරියාවේ පැවැත්වෙන මෙවර ලෝක බාලදක්ෂ ජම්බෝරියට සුළි කුණාටු අවදාමක්ද මතුව තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය,”කැනන්” නම් වූ සුළි කුණාටුව හේතුවෙන් ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වෙන කඳවුරු භූමිය ආරක්‍ෂිත නොවන බව දකුණු කොරියානු රජය සංවිධායකයින්ට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවෙන් ගිය පිරිසට මොකද වෙන්නේ ?

ලෝක බාල දක්ෂ ජම්බෝරියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවේ සිට නිලධාරින් ද ඇතුළුව 176 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් දකුණු කොරියාව බලා ගොස් තිබේ.

මේ තත්ත්වය හමුවේ ලෝක බාලදක්ෂ ජම්බෝරිය නියෝජනය කරන ශ්‍රී ලංකා බාලදක්ෂයින්ගේ අත්දැකීම කුමක්දැයි අපි විමසා බැලීමු.

දකුණු කොරියාවේ රැඳී සිටින ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමේ සියලු දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්ප්‍රීත් ප්‍රනාන්දු බීබීසි සිංහල වෙත තහවුරු කළේ ය.
ඡායාරූප ශීර්ෂ වැකිය,දකුණු කොරියාවේ රැඳී සිටින ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමේ සියලු දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්ප්‍රීත් ප්‍රනාන්දු බීබීසි සිංහල වෙත තහවුරු කළේ ය.

මේ වන විට දකුණු කොරියාවේ රැඳී සිටින ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමේ සියලු දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්ප්‍රීත් ප්‍රනාන්දු බීබීසි සිංහල වෙත තහවුරු කළේ ය.

” ලෝක බාලදක්ෂ ජම්බෝරියට ලංකාවෙන් 176 දෙනෙකු සහභාගී වනවා. උෂ්ණත්වය ඉහළ යෑම නිසා ඇතිවූ තත්ත්වය පාලනය කර ගන්න දකුණු කොරියානු රජයෙන් උපරිම සහයෝගය දැක්වුවා.”

“පවතින උෂ්ණ කාලගුණ තත්ත්වය නිසා ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිම කෙනෙකුට බලපෑමක් එල්ල වෙලා නැහැ. ඔවුන් අද දවසෙත් තමන්ගේ දෛනික ක්‍රියාකාරකම්වල යෙදී ඉන්නවා. ඒ වගේම අපේ කණ්ඩායම් දෙකක් කඳවුරු භූමියෙන් පිටත ක්‍රියාකාරකම් සඳහා ගිහින් තිබෙනවා.”

“ජම්බෝරියට සහභාගී වන සියලුම දෙනාට අවශ්‍ය අයිස්, නොමිලේ පානීය ජල බෝතල්, කුඩ, බෙල්ල වටේ තබා ගන්න පුළුවන් ශිත කළ තුවා ඇතුළු පහසුකම් සැපයුවා. “

"ජම්බෝරියට සහභාගී වන සියලුම දෙනාට අවශ්‍ය අයිස්, නොමිලේ පානීය ජල බෝතල්, කුඩ, බෙල්ල වටේ තබා ගන්න පුළුවන් ශිත කළ තුවා ඇතුළු පහසුකම් සැපයුවා. "
ඡායාරූප ශීර්ෂ වැකිය,”ජම්බෝරියට සහභාගී වන සියලුම දෙනාට අවශ්‍ය අයිස්, නොමිලේ පානීය ජල බෝතල්, කුඩ, බෙල්ල වටේ තබා ගන්න පුළුවන් ශිත කළ තුවා ඇතුළු පහසුකම් සැපයුවා. “

“නමුත් අවසානාවන්ත ලෙස ලබන බදාදා ( අගෝස්තු මස 09) රාත්‍රිය වන විට මේ ප්‍රදේශයට බලපාන්න යන සුළි කුණාටු තත්ත්වය නිසා හෙට ( අගෝස්තු 08 වෙනිදා) වෙන කොට සියලුම ළමයින්ව කඳවුරෙන් ඉවත් කරලා සෝල් අගනුවර ආසන්නයට අරන් යන්න සුදානම් වෙනවා. “

“ඒ වගේම අනිද්දා (අගෝස්තු 09 වෙනිදා) දහවල් වෙන්න ප්‍රථමව කඳවුරු භූමියෙන් සියලුම නායකයින් සහ නිලධාරින් ඉවත් වෙන්න ඕන. මොකද දහවල් 12.00 න් පස්සේ තමයි වර්ෂාව බලාපොරොත්තු වන්නේ.”

“ඒ වගේම ලෝක බාලදක්ෂ ජම්බෝරියේ සමාප්ති උත්සවය අගෝස්තු 11 වැනිදා සංගීත සංදර්ශනයක් එක්ක පවත්වන්න සුදානම් කර තිබෙනවා දකුණු කොරියාවේ සෝල් අගනුවර දී. ඒකට මෙවර බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වන 43,000 ක් වූ සාමාජික සාමාජිකාවන් එක්වනවා.”

“නමුත් පවතින සුළි කුණාටු අවධානම් තත්ත්වය නිසා පෙර සුදානමක් ලෙස දකුණු කොරියානු රජය කඳවුරු භූමිය ඉවත් කරන්න තීරණය කර තිබෙනවා.” ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා පැවසුවේ ය.

මෙවර කඳවුරු භුමියේ පවතින පහසුකම් අවම බවට එංගලන්තය ඇතුළු රටවල් කිහිපයක් එල්ල කර ඇති චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගෙන් අප කරුණු විමසා සිටියේය.

ඔහු ඒ සඳහා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

“බාලදක්ෂ ජම්බෝරිය ආරම්භක දවස්වල සනීපාරක්ෂක පහසුකම් ඇතුළුව යම් යම් කරුණු සම්බන්ධයෙන් ගැටලු පැවතුණා. පස්සේ සංවිධායක මණ්ඩලය සමග දකුණු කොරියානු රජය අවශ්‍ය පහසුකම් සැපයුවා.”

" බාල දක්ෂ ජම්බෝරිය ආරම්භක දවස්වල  සනීපාරක්ෂක පහසුකම් ඇතුළුව යම් යම් කරුණු සම්බන්ධයෙන් ගැටලු පැවතුණා. පස්සේ සංවිධායක මණ්ඩලය සමග දකුණු කොරියානු රජය අවශ්‍ය පහසුකම් සැපයුවා."
ඡායාරූප ශීර්ෂ වැකිය,” බාල දක්ෂ ජම්බෝරිය ආරම්භක දවස්වල සනීපාරක්ෂක පහසුකම් ඇතුළුව යම් යම් කරුණු සම්බන්ධයෙන් ගැටලු පැවතුණා. පස්සේ සංවිධායක මණ්ඩලය සමග දකුණු කොරියානු රජය අවශ්‍ය පහසුකම් සැපයුවා.”

“අපිට රස්නය නිසා ටිකක් අමාරු වුණා”

“දකුණු කොරියාවට ආපු අලුත නිසා ඇතිවූ නුහුරු භාවයත් එක්ක අපිට රස්නය නිසා ටිකක් අමාරු වුණා. නමුත් කොරියානු බාලදක්ෂ සම්මේලනය විසින් පහසුකම් සැපයුවා.” ලෝක බාලදක්ෂ ජම්බෝරියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාත්‍යන්තර සේවා කණ්ඩායමේ සාමාජිකාවක් වන බිමන්දී සමිදුලා ගුණරත්න සඳහන් කළාය.

“එයාලා කූලින් බසස් කියලා කන්සෙප්ට් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ කෑම්ප් සයිට් එකේ ඒසී බස් නතර කරලා තියෙනවා. ඕනෑම කෙනෙක්ට තමන්ට ඕන වුනාම බස් එකේ නැගලා ඉන්න පුළුවන්.”

“ඒ වගේම සමහර තැන් සෙට් අප් කරලා තියෙනවා ඇගට වතුර වැදෙන්න. ග්‍රීන් හවුස් හදල තියෙනවා. මේ වගේ පහසුකම් සපයලා තියෙනවා ගොඩක්.” ඇය පැවසුවාය.

Source : BBC

Translate