Home » HSBC බැංකුව සහ සර්වෝදය සහායෙන් කාන්තා ව්‍යවසායකයන්ට අත්වැලක්
Economy Featured News South Asia

HSBC බැංකුව සහ සර්වෝදය සහායෙන් කාන්තා ව්‍යවසායකයන්ට අත්වැලක්

දේශීය ප්‍රජාවන් වෙත සහාය දීමට සහ තිරසර ආර්ථික වර්ධනය දිරිගැන්වීමට HSBC බැංකුව නිරන්තරයෙන්ම ඇප-කැප වී සිටියි. එහි තවත් එක් පියවරක් වශයෙන්, ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමය (LISSS) සමඟ හවුල්කාරිත්වයක් ඇති කරගත් බව HSBC බැංකුව ප්‍රකාශයට පත් කර ඇත.

සර්වෝදය ව්‍යාපාරය යනු, රටේ කාන්තා ව්‍යවසායකයන් සහ කොන් කෙරුණු ප්‍රජාවන් බලගැන්වීමට ඇප-කැප වී කටයුතු කරන සංවර්ධන සංවිධානයකි. මෙම නව හවුල්කාරිත්වය යටතේ 2023 ජූලි මාසයෙන් ඇරඹෙන දෙවසරක ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 40ක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බව HSBC බැංකුව ප්‍රකාශ කර ඇත. ව්‍යාපෘතියෙහි ඉලක්කය වන්නේ, රටේ පළාත් පහක සිටින කාන්තා ව්‍යවසායකයන් විසින් මුහුණ පා ඇති විශේෂිත අභියෝගයන් සම්බන්ධයෙන් නිසි කටයුතු කිරීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර වල වර්ධනයට සහාය සැලසෙන වාතාවරණයක් නිර්මාණය කිරීමයි.

සර්වෝදය ව්‍යාපාරයේ සංවර්ධන හස්තය සඳහා වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) සර්වෝදය – ‍ ෆියුෂන් (Fusion)හරහා මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ඇත.

මෙකී හවුල් වැඩපිළිවෙළ මගින් කාන්තා-මූලික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වෙත පූර්ණ සහාය සහ පුහුණුව ලබා දීම සිදු කෙරෙනු ඇත. ඒ සඳහා, බස්නාහිර, නැ‍ඟෙනහිර, උතුරුමැද සහ උතුරු හා දකුණු පළාත්වල විවිධ කර්මාන්ත සහ ක්ෂේත්‍රයන්හි නියැළුණු කාන්තා-මූලික

ව්‍යවසායයන් තෝරා ගනු ඇත. එකී කාන්තා ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාරික ඥානය වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය කුසලතා, දැනුම සහ සම්පත් ලබා දීමටත්, තිරසර වර්ධනය කෙරෙහි ඔවුන් තුළ උනන්දුව ඇති කිරීමට මෙම වැඩසහන මඟින් ඉලක්ක කෙරෙයි.

HSBC ශ්‍රී ලංකා සහ මාලදිවයින්හි ප්‍රධාන විධායක නිලධාරී, මාර්ක් සර්ජනර් මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව සිය අදහස් දක්වමින් කියා සිටියේ, “ශ්‍රී ලංකාව පුරා විසිර-පැතිර සිටින කාන්තා ව්‍යවසායකයින් බලගන්වමින් සහ අවශ්‍ය සහාය සලසමින්, සැබෑ වෙනසක් ඇති කළ හැකි මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් LISSS සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම අපට ඉමහත් ආඩම්බරයකි. HSBC හි අප අවස්ථාවන් සපිරි ලොවක් විවර කරන්නට පෙරමුණ ගෙන ඇත්තේ

අපගේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරවලට පමණක්ම නොවේ, අපගේ මෙහෙයුම් කටයුතු සිදු වන ප්‍රජාවන් වෙත ද එම අවස්ථාව සැලසීමට අප නිරන්තරයෙන්ම ඉදිරිපත් වෙමු. කාන්තා-මූලික ව්‍යවසායයන් තුළ පවත්නා හැකියාවන් වෙත ආයෝජනය කිරීම මඟින් කාන්තා ව්‍යවසායකයන් හට අවශ්‍ය දැනුම හා ව්‍යාපාරික ඥානය ලබා දෙමින් සහ අවශ්‍ය මෙවලම් හා සම්පත් සපයමින් ඔවුන් බලගැන්වීම මඟින්, දරිද්‍රතාව අවම කිරීමට, රැකියා අවස්ථා නිර්මාණයට, මෙන්ම සමස්ත සමාජ ආර්ථික සංවර්ධනයට ද අත-හිත දෙමින්, රටේ ආර්ථික වර්ධනයටත් දායක විය හැකි බව අප විශ්වාස කරමු” යනුවෙනි.

එසේම, සිය බලවත් උද්‍යෝගය පෙන්නුම් කරමින් සර්වෝදය ව්‍යාපාරයේ සභාපති, ආචාර්ය වින්‍යා ආරියරත්න මහතා, “කාන්තා ව්‍යවසායකයන් බලගැන්වීමේ සුවිශේෂී වැඩපිළිවෙළ සඳහා HSBC බැංකුව සමග හවුල්කාරිත්වය දැරීමට ලැබීම ගැන අප බෙහෙවින් සතුටට පත්ව සිටිමු. අප සතු විශේෂඥ දැනුම හා සම්පත් එකට යා කර, සාමූහිකව යොදා ගැනීම තුළින් කාන්තා ව්‍යවසායකයන්ගේ වර්ධනයට සහය දෙන ව්‍යාපාරික වටපිටාවක් නිර්මාණය කිරීමටත්, දැනට ඔවුන් මුහුණ දෙන බාධක ජයගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දීමටත් අපට හැකිවනු ඇත. මෙම

හවුල්කාරිත්වය හරහා, කාන්තා ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර දියුණුවට පත් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාව තුළ කාන්තා-මූලික ව්‍යවසායකත්වයේ නව රැල්ලක් ඇති කිරීමටත් අප අදහස් කරන්නෙමු.” යැයි කීය.

ධාරිතා-ගොඩනැංවීමේ වැඩමුළු මාලාවක්, උපදේශකත්ව වැඩසටහන්, සහ ඒ ඒ ක්ෂේත්‍රවලට ගැළපෙන අන්දමින් සකසන ලද පුහුණු සැසි හරහා මූල්‍ය කළමනාකරණය, අලෙවිකරණ ක්‍රමෝපායයන්, නිෂ්පාදන සංවර්ධනය, සහ වෙළෙඳපොළ වෙත ප්‍රවේශය ඇතුළු විවිධ ව්‍යවසායකත්ව පැතිකඩ වෙත අවධානය යොමු කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කරනු ඇත. මේ

Source : Dinamina

Translate