Home » ඕස්ට්‍රේලියාව ගෞරවය රැක ගනියි,ශ්‍රී ලංකාව 16 වැනි තැනට
Featured News Sports Sri Lanka

ඕස්ට්‍රේලියාව ගෞරවය රැක ගනියි,ශ්‍රී ලංකාව 16 වැනි තැනට

මෙවර ලෝක කුසලාන නෙට්බෝල් සූරතාවලියේ උරුමය ඕසට්‍රේලියාවෙන් හෝ නවසීලන්තයෙන් ගැලවී යනු ඇති බවට සැක පහළ වුව ද,අවසාන තරගයේදී සිය උරුමය රැක ගනිමින් අපරාජිත එංගලන්තය අභිබවා සූරතාවය දිනා ගන්නට ඕසට්‍රේලියාවට හැකි විය.

තරගාවලියේ අවසාන තරගය දක්වාම සිය අපරාජිත බව රැකගෙන පැමිණි එකම කණ්ඩායම වූ එංගලන්තය පරාජය වූ එකම තරගයේදී තමන්ට ලෝක සූරියන් වීමට ලැබුණු දුර්ලභ අවස්ථාවම මඟ හැර ගත්තේය.

ඕසට්‍රේලියාව තමන්ගේ ඉතිහාසයට 12 වන වරටත් ලෝක සූරියන් වීමේ අවස්ථාව උදා කර ගත්තේ කේප්ටවුන්වලදී ලැබුණ ඉදිරියට වඩාත් පරිස්සම් විය යුතුව ඇත යන සංඥාවද සමඟින්ය.

නමුත් ලෝක කුසලාන තරගාවලියේ දැවන්තම අභියෝගය ගොඩ නැඟූ කණ්ඩායම් දෙක හැටියට මෙවර කැපී පෙණුනේ එංගලන්තය සහ ජැමෙයිකාවය.ජැමෙයිකාවේ පිබිදීම දැඩිව අවධානයට ලක් වූ අතර ඔවුන් මෙවර සිය ඉතිහාසයේ තවත් හොඳම ප්‍රතිපලයක් සිය රටට අත් කර දෙමින් තෙවැනි තැන දිනා ගත්තේ ඉකුත් ලෝක කුසලාන තරගාවලියේ සූරියන් වූ නවසීලන්තය සිව්වන තැනට පත් කරමින්ය.


අවසාන තරගයේදී එංගලන්තය තරගාවලිය පුරා දැක් වූ දක්ෂතා අභිබවා ඔස්ට්‍රේලියාව සුපුරුදු අවසාන මහා තරග මානසිකත්වයෙන් ඉදිරියෙන් සිට තරගයේ පාලනය අතට ගත් බවක් දක්නට ලැබිණි.තරගයේ ප්‍රථම කාර්තුවේ පමණක් එංගලන්තය ලකුණු 13 – 13 ක් ලෙස සම ලකුණු ලබා ඔස්ට්‍රේලියාව හා සමව සිටියත්,එතැන් සිට දෙවන තෙවන සහ සිව්වැන කාර්තුවල ඕසට්‍රේලියාව සිය ආක්‍රමණය දැඩි කරන්නට පටන් ගත්තේය.එහි පලයක් ලෙස එම කාර්තුවලදී පිළිවෙලින් 10 – 14 ,13 – 19 සහ 9 -15 සේ එංගලන්තයට පසුපසට තල්ලු වෙන්නට සිදු විය.

වැදගත්ම මේ තරගාවලියේ ස්ථාන නම් වීමේදී සත්කාරක දකුණු අප්‍රික්ව පමණක් නොවේ,සුදුසුකම් ලැබූ අප්‍රිකානු රාජ්‍යයන් තරගාවලිය පුරා දැක් වූ දස්කම් ඉහළ මට්ටමකින් දිස්වීමය.පස්වන,හයවන සහ හත්වන ස්තාන තුනට පිළිවෙලින් උගන්ඩාව,දකුණු අප්‍රිකාව සහ මලාවි යන කණ්ඩායම් පැමිණි අතර 13 සහ 14 වන ස්ථාන දිනා ගනිමින් පිළිවෙලින් සිම්බාබ්වේ සහ බාර්බඩෝස් අප්‍රිකාවේ ගෞරවය සුරැක ගනිමින් තරගාවලියේ අවසාන ස්ථාන දෙක ආසියාවට වෙන් කර දුන්නේය.අප්‍රිකානු රාජ්‍යයක් පරාජයට පත්කළ එකම කණ්ඩායම ශ්‍රී ලංකාව ලෙස බාර්බඩෝස් කණ්ඩායම පරාජය කරන්නට ශ්‍රී ලංකාව සමත් වුව ද,සිංගප්පූරුවට දෙවරක් පැරදුණු නිසා තරගාවලියේ 16 වන තැන රැදෙන්නට ශ්‍රී ලංකාවට සිදු විය.15 වන තැන සිංගප්පූරුවට හිමි විය.


බොහෝ පහසුකම් තනිව සම්පාදනය කර ගනිමින් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ඕසට්‍රේලියාවට යාමට උත්සාහ කළ ද,ක්‍රිඩා අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් එයට හරස් කැපුවේ ලෝක කුසලාන තරගාවලිය මුවාවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕස්ට්‍රේලියාවට පැනීමට උත්සාහ කරන අපහාසාත්මක යෙදුම් ද උපයෝගී කර ගෙනය.ලොව වඩාත්ම ඉහළ නෙට්බෝල් සංස්කාතියට උරුමකම් කියන ඕස්ට්‍රේලියාවේ මෙන්ම අවසාන කාලයේ දකුණු අප්‍රිකාවේද විශාල කාලයක් රැදී සිට ලෝක මට්ටමට අත්දැකීම් ගත් ආසියාවේදී ශ්‍රී ලංකාවට දෙවැනි වූ සිංගප්පූරුව ලෝක තරගාවලියට ලෝක මට්ටමේ අත්දැකීම් එකතු කර ගනිමින් ශ්‍රී ලංකාවට ඉදිරයෙන් සිටියේය.ඒ දැරූ වෙහෙස මත ඔවුන් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටීම වුවත් සිංගප්පූරුව සළකන්නේ වැදගත් පියවරක් ඉදිරියට තැබූ බවය.ශ්‍රී ලංකාව පියවරක් පසුපසට ඒම විග්‍රහ කරන්නට ඉඩ ඇත්තේ ඊට වෙනස් ආකාරයකටය.

සභාපති ඉවත් විය යුතුය.පුහුණුකරු ඉවත් විය යුතුය.ඒ සඳහා නෝනාවරුන් කෝණ්ඩාවලු පටලවා නොගත්තොත් පුදුම සහගතය.බාර්බඩෝස් යනු දකුණු අප්‍රිකාවේ නගරයක් යැයි සිතා අවසරය නිකුත් කළ නිලධාරීන්, බාර්බඩෝස් දින කිහිපයේ සංචාරයෙන් ලෝක කුසලානය දිනා ගන්නට අවස්ථාව තිබුණ බව කියන්නට ඉඩ ඇත.එසේම තරගාවලියේ ශ්‍රී ලංකාවට ලෝකය ඉදිරියේ මුහුණ දෙන්නට සිඳු වූ තරග රටාව ගැන,විනිශ්චය ගැන,ප්‍රවේගකාරීත්වය ගැන සහ ඊට සමාන්තරව කටයුතු කරන්නට ශ්‍රී ලංකාවේ නෙට්බෝල්වල සිඳුවිය යුතු පරිවර්ථනීය වෙනස්කම් ගැන කතා කරන්නට ඉඩක් නෙතැබෙනු ඇත.


සමහර ප්‍රශ්න කිරීම්වල තර්ජණි දිගටම අසුන් ගන්වා තිබීම ගැන කතා කරන්නට ඉඩ ඇත.නමුත් තරගාවලිය සමඟ සජීවී ව එක්ව සිටියේනම් ඇයගේ මන්දගාමි ක්‍රියාකාරීත්වය ආවේගකාරී තරග රටාවට මුහුණ දීමට ප්‍රමාණවත් නොවන බව අවස්ථාව ලද කෙටි කාල පරාසවලදී සනාත වූ බව කිසිවෙකුත් අධ්‍යයනය කර,තර්ජණි පන්නයේ උස අභිබවා යන ආක්‍රමණශිලී වේගවත්බවක් ද ශරීර කූඩු අස්සේ තිබිය යුතු බව තේරුම් ගෙන එවැනි මානව සම්පත් සෙවීමට අවශ්‍යය වැඩ පිළිවෙලක් යෝජනා නොකරනු ඇත.ශ්‍රී ලංකාව මේ අවස්ථාවේ ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් තේරුම් ගත යුතුව ඇති ප්‍රධානම කාරණය අප තවම ඒ මට්ටමට වැඩී නැති බවය.ඊට ප්‍රධාන වශයෙන්ම අප ආසියාවේ සූරියන් වුව ද,අපේ ක්‍රීඩාව ගැට ගැසී ඇත්තේ ලෝකයේ අත්දැකීම් සමග නොවන සුළු සීමාවක් තුළට පමණක් බව තේරුම් ගත යුතුය.අඩුම තරමේ අප ක්‍රිඩිකාවන්,පුහුණුකරුවන් සහ විනිසුරුවන්,ඕස්ට්‍රේලියාව,නවසීලන්තය සහ එංගලන්තය වැනි ඉහළ වෘත්තිය මට්ටමක් ක්‍රියාත්මක වන රටවලට යැවීම දුෂ්කර වුව ද,දකුණු අප්‍රිකාව,ජැමෙයිකා,මලාවි,උගන්ඩාව,ටොංගා වැනි රටවලට හෝ යොමු කරන්නට උත්සාහ කළොත් ඒ අත්දැකීම් ශ්‍රී ලංකාවේ නෙට්බෝල් දියුණුවට වැදගත් වනු ඇත.

ක්‍රීඩාවේ යම් යම් තීරණාත්මක මොහොතවල් කළමණාකරණය කර ගන්නට වෘත්තීමය භාවය කෙතරම් වැදගත් ද සහ ඒ සම්බන්ධ අත්දැකීම් කෙතරම් දුරට සේවය කරන්නේ ද යන්න මෙවර ලෝක කුසලාන තරගාවලිය ඇසුරෙන් කියවා ගන්නේනම් ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය තේරුම් ගැනීම අතිශයින් වැදගත්ය.ඔවුන්ගේ වෘත්තීමය අත්දැකීම සහ එහි උසස් බව අවසාන තරගයේදී පෙන්නුම් කළේ එතෙක් අපරාජිතව සිටි එංගලන්තය 61 – 45 ක් සේ පරාජය කරන්නට කටයුතු කරමින්ය.පළමු වටයෙන් පසුව තරගය තියුණු වූ බවක් නොපෙණින.ක්‍රමයෙන් සියතට පහසුවෙන් අත් කර ගනිමින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ඉදිරියට ආහ.

ශ්‍රී ලංකාවට ඉදිරියට එන්නට අවශ්‍යය පාර සකසන්නේ නැතුව උඩින් පැන එතැනට පත්වෙන්නට ක්‍රමයක් නැත.ඒ නිසා පරාජයකින් පසුව “බැහැ” යන කාරණයේ පිහිටා නොසිට බැරි වුණේ ඇයි සහ බැරි වන්නේ ඇයි කියන කාරණා මත පිහිටා කටයුතු කිරීම වැදගත් වනු ඇත.ඔවුන් දියමන්ති දිනය ලෙස සළකමින් රටක් හැටියට ලෝක කුසලානය දිනා ගැනීමේ විශ්වාසයෙන් එක්ව සිටි අයුරුද අපි නිදසුන් ලෙස සැළකිල්ලට ගත යුතු වන්නෙමු.මුලින්ම පිටියට නො’එවූ කියාරා ඔස්ටින් තරගයේ වීරවරිය වෙමින් කුසලානය දිනා ගැනීමේ මෙහෙයුමේ වඩාත් වටිනාකමක් සහිත ක්‍රීඩිකාව වීම ද ඔවුන් මේ තරගයේ දී මවා පෙන්වූ ජයග්‍රාහී සැළසුමක කොටසක් වන්නට හැකිය.

Source : Lanka News

Translate