Home » චීනයෙන් ගැලවුණු විදුලි ව්‍යාපෘතිය ඉන්දියාවට?
Asia China Featured India News

චීනයෙන් ගැලවුණු විදුලි ව්‍යාපෘතිය ඉන්දියාවට?

ඇමෙරිකානු ඩොලර් මිලියන 12 ක ඉන්දියානු ප්‍රදානයක් යටතේ උතුරේ දූපත් තුනක ආරම්භ කිරීමට නියමිත විදුලි ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව චීනය වෙනුවට ඉන්දියාව තෝරා ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

යාපනය වෙරළට ඔබ්බෙන් දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව මුලින්ම 2021 වසරේදී ශ්‍රී ලංකාව චීන සමාගමකට ලබා දීමට තීරණය කර තිබුණත් එල්ල වූ විරෝධතා හමුවේ එම කොන්ත්‍රාත්තුව චීන සමාගමෙන් ඉවත් කළ බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ.

තෙවැනි පාර්ශවයක් හේතුවෙන් චීන සමාගම ඉවත් කළ බවට එම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉඟි කළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දියානු ප්‍රදානය යටතේ විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ටෙන්ඩර් කැඳවා තිබෙන බවත් ඉන්දීය ප්‍රදානයක් යටතේ ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිත බැවින් ඉන්දියානු සමාගමකට එම ව්‍යාපෘති ලැබීම සාධාරණ බවත් ඉන්දියානු මාධ්‍ය පෙන්වා දී තිබේ.

Source : Lanka Deepa

Translate