Home » මහ මළුවෙත් විදුලිය කපන්න කියන ආණ්ඩුවට මැදමුලනේ කැපිල්ල බැරි ඇයි
Economy Featured News South Asia

මහ මළුවෙත් විදුලිය කපන්න කියන ආණ්ඩුවට මැදමුලනේ කැපිල්ල බැරි ඇයි

මහ මළුවෙත් විදුලිය කැපීමට අණ දෙන ආණ්ඩුවට මැදමුලන විදුලිය කැපීමට බැරි ඇයි දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහරගමදී පෙරේදා (06) පැවැති ජන පවුර වැඩසටහන අමතමිනි.
ආණ්ඩුව මහා පවුරු බැඳ රාජපක්ෂවරු ආරක්ෂා කරන බව කී විපක්ෂ නායකවරයා අද රටට ඇති එකම විකල්පය සමඟි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය පමණක් බව ද කීවේය.

කොරෝනා වසංගත සමයේ නිර්මාණය වූ නිව්නෝමල් නම් වචන තුළින් නව සාමාන්‍යයක් ඇති වීම හැඟවෙනවා. එම ක්‍රියාවලියම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ආර්ථිකය සංකෝචනය කරලා ජන ජීවිත කුඩා කරලා නව සාමාන්‍යකරණ තත්ත්වයක් ඇති කරලා. ඒ තුළ හැමදේම හරි යැයි පෙනී ගියත් සෑම දෙයක්ම නව සාමාන්‍යකරණය වී ඇත්තේ ජනතාව පිට පීඩනය සහ අසහනය පටවා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි බිල සීයට 500කින් වැඩි වී ගෑස්, තෙල්, බඩු මිල පවා ඉහළ ගොස් ඇති බවත් අතීතයේ පැවැති ජීවත් වීමේ තත්ත්වය මේ වන විට බරපතළ තත්ත්වයක් බවට පත්ව ඇති බවත් එය බංකොලොත්භාවයේ නව සාමාන්‍යකරණයක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Source : Dinamina

Translate