Home » ජලය නොමැතිව ගොවින් හඬද්දී වලවේ අක්කර 2000ක් ජලයෙන් යට වෙයි
Featured News South Asia

ජලය නොමැතිව ගොවින් හඬද්දී වලවේ අක්කර 2000ක් ජලයෙන් යට වෙයි

ප්‍රදේශ රැසක වී ගොවීන් නියගයෙන් පීඩාවට පත්ව සිටියදී කුඹුරුවලට ජලය වැඩිවීම හේතුවෙන් අසීරුතාවට පත්ව සිටින ගොවීන් පිරිසක් පිළිබඳ වාර්තාවේ.

නෙත් නිව්ස් ‘නෙත්සැරය’ වාර්තා කර ඇති පරිදි වලවේ ගඟේ මෝය කට වැලිවලින් අවහිර හේතුවෙන් ලියන්ගස්තොට ව්‍යාපාරයේ සහ රිදියගම ව්‍යාපාරයේ අග කොටසේ ගොවි සංවිධාන 10 ක කුඹුරු අක්කර 2,000 ක් පමණ ජල ගැලීමට ලක්ව ඇත.

ඒ පිළිබඳ අවස්ථා ගණනාවකදී අදාළ බලධාරීන් දැනුවත් කළ ද ඊට නිසි විසඳුම් නොලැබුණු බව ගොවීන් පවසති.

මෝය කට වැලිවලින් අවහිර වීම හේතුවෙන් ජලයෙන් යටවන කුඹුරු බේරාගැනීම සඳහා අදාළ බලධාරීන් වහාම අවධානය යොමු කළ යුතු බව ‘නෙත්සැරය’ සිහිකැඳවයි.

Source : The Leader

Translate