Home » ගුවන් හමුදාවේ යානයක් කඩා වැටෙයි – නියමුවන් දෙදෙනා මරුට
Featured News South Asia Sri Lanka

ගුවන් හමුදාවේ යානයක් කඩා වැටෙයි – නියමුවන් දෙදෙනා මරුට

ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චිනවරාය කදවුරු ප්‍රදේශයේදි අනතුරට ලක් වී ඇති බව ශ්‍රි ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.


මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරිම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයකි.

අද ( 07) පෙරවරු 11 27 ට පමණ ගුවන් හමුදා චිනවරාය කදවුරු ප්‍රදේශයේ දි අනතුරකට ලක්වි ඇති අතර ගුවන් යානයේ ගමන්ගත් නිළධාරින් දෙදෙනා ජිවිතක්ෂයට පත්වි ඇත.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් අනතුර පිළිබද විමර්ශනය කිරිම සදහා විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කර ඇත.

Source : The Leader

Translate