Home » වැට් නිසා දේශීය මෘදුකාංග නිර්මාණ ක්ෂේත්‍රය අවධානමක – සමාගම් රැසක් රට හැර යන ලකුණු
Asia Featured News South Asia Sri Lanka Technology

වැට් නිසා දේශීය මෘදුකාංග නිර්මාණ ක්ෂේත්‍රය අවධානමක – සමාගම් රැසක් රට හැර යන ලකුණු

ජනවාරි 01වනදා සිට දේශිය මෘදුකාංග සඳහා පනවන සියයට 18ක වැට් බද්ද හේතුවෙන් මෘදුකාංග කර්මාන්තය දැඩි අභියෝගයකට ලක්වන බව මෘදුකාංග නිර්මාණ ශිල්පින් සහ ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් පවසනවා.

දේශිය මෘදුකාංග කර්මාන්තය යනු සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින බොහෝ තරුණ පරපුරේ වැඩි කැමැත්තක් ඇති ක්ෂේත්‍රයක්.

ලොව පුරාද මෘදුකාංග නිර්මාණකරණයට ඇත්තේ ඉහළ උනන්දුවක් සහ ඉහළ වටිනාකමක්.

 
එවන් පසුබිමක දේශීය මෘදුකාංග සඳහා අලුතින් වැට් බද්දක් පැනවීමෙන් නැගී එන මෘදුකාංග කර්මාන්තයට එල්ල වන බලපෑම කුමක්ද?

වැටි බදු වැඩි විම හේතුවෙන් විවිධ ක්ෂේත්‍රවලට සහ පාරිභෝගිකයින්ට එල්ල වන බලපෑම පිළිබඳ සොයා බලන නෙත් නිවුස් විශේෂාංග මාලාව යටතේ අද සොයා බලන්නේ ඒ පිළිබඳවයි.

මේ, පරිගණක සමාජයේ සභාපති දමිත් හෙට්ටිහේවා.

මෙම වැට් බද්ද පනවා ඇත්තේ දේශිය වශයෙන් ලියාපදිංචි කළ මෘදුකාංග සඳහා පමණක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

වැට් බදු වැඩි වීම හමුවේ ශ්‍රී ලංකාව තුළ මෘදුකාංග සමාගම් ලියාපදිංචි නොකර විදේශයන්හි මෘදුකාංග සමාගම් ලියාපදිංචි කිරීමේ වැඩි ඉඩක් පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෘදුකාංග යනු මහජනතාවගේ ජීවිතයට ඍජුවම සම්බන්ධ දෙයක් නොවේ.

එසේනම් මෘදුකාංගවලට වැට් වැඩි වීමෙන් පාරිභෝගිකයින්ට බලපෑමක් පවතින්නේද? මේ, පරිගණක සමාජයේ සභාපති දමිත් හෙට්ටිහේවා.

ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට වැට් බද්ද පැනවෙනවා.

ඒ අනුව දැනට සියයට 15 ක පවතින වැටි බද්ද සියයට 18 ක් දක්වා වැඩිවනු ඇති.

මෙතෙක් බදු අය නොකළ භාණ්ඩල කාණ්ඩ 95 කට ද මෙහිදී බදු පැනවීම සිදුවනවා.

ඒ අනුව එම භාණ්ඩ සඳහා සියයට 18 ක බද්දක් පැනවෙනු ඇති. අදාළ භාණ්ඩ ලැයිස්තුවට දේශිය මෘදුකාංගද ඇතුළත්.


නෙත් නිවුස් ඊයේ අනාවරණ කළේ වැට් බදු වැඩි වීම හමුවේ ලබන වසරේ සිට ජංගම දුරකථන මිල කැපී පෙනෙන ලෙස වැඩිවනු ඇති බවයි.

මූලාශ්‍රය: නෙත් නිවුස්

Translate