Home » රන් සංචිත ඉහළ නංවා ගැනීම සඳහා ජාත්‍යන්තරයේ තරගයක්
Asia Economy Featured News

රන් සංචිත ඉහළ නංවා ගැනීම සඳහා ජාත්‍යන්තරයේ තරගයක්

භූ දේශපාලනික අස්ථාවරත්වය හමුවේ රන් සංචිත එක්රැස්කිරීම ලොව රටවල් බොහොමයක් කලක සිට සිදුකරන බව නොරහසකි. 

දැන් එම තත්ත්වය තවදුරටත් සංකීර්ණ වී ඇත්තේ කොටස්, බැඳුම්කර වැනි අනෙකුත් ආයෝජන මෙවලම්වල පොලී අනුපාත ඉහළ පහළ යාමක් රන් සඳහා වන ඉල්ලුමට බලපාන නිසාය. 

විශේෂයෙන් අමෙරිකානු පොලී අනුපාත සහ ඩොලරයේ ශක්තිමත්භාවයත් ඊට බලපෑම් ඇති කරයි. 

කෙසේ හෝ ලොව පුරා මහබැංකු විසින් සිය රන් සංචිත එක්රැස්කිරීම පසුගිය කාලය තුළ කැපී පෙනෙන ලෙස ඉහළ නංවා ඇති බව ලෝක රන් කවුන්සිලයේ  (World Gold Council) දත්තවලින් හෙළි වේ.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාසයේදී පමණක් ලෝකයේ මහබැංකු මඟින් රන් ටොන් 42ක් පමණ සිය සංචිතවලට එක්කර තිබේ.

සැප්තැම්බර් මාසයේදී එලෙස රැස්කළ රන් සංචිත ටොන් 72ක් වන අතර එය සැප්තැම්බර් මාසයට වඩා 41%කින් අඩු අගයකි.

එහෙත් ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තූළ සාමාන්‍ය වන ටොන් 34 හා සසඳන විට ඔක්තෝබරයේ රන් සංචිත රැස්කිරීම තවදුරටත් 23%ක වර්ධනයක් ලෙස සැලකිය හැකිය. 

මෙලෙස රන්මිලදී ගත් මහබැංකු අතර People’s Bank Of China නැත්නම් චීන මහ බැංකු පෙරමුණේ සිටින්නේ ඔක්තෝබර් මාසයේදී රන් ටොන් 23ක් මිලදී ගනිමිනි.

චීන මහ බැංකුව මෙලෙස සිය රන් සංචිතය ඉහළ නැංවීමට පියවර ගෙන ඇත්තේ අඛණ්ඩව 12 වන මාසයටය. 

2023 වසරේ ඔක්තෝබරය දක්වා චීන මහ බැංකුවට රන්ටොන් 204ක් මිලදී ගෙන ඇති අතර, ඒ සමගම චීන මහ බැංකුව සතු මුළු රන් සංචිතය ටොන් 2,215 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස රන් සංචිත කැපීපෙනෙන ලෙස ඉහළ ගිය ද එය චීනයේ සමස්ත ජාත්‍යන්තර සංචිතවලින් 4%ක් පමණක් බව ලෝක රන් කවුන්සිලය සඳහන් කළේය. 

තුර්කි මහ බැංකුව ද ඔක්තෝබර් මාසයේදී රන් ටොන් 19ක් මිල දී ගෙන ඇති අතර එරට මහ බැංකුවේ මුළු රන් සංචිතය දැන් ටොන් 498ක් දක්වා ඉහළගොස් තිබේ.

මීට අමතරව පෝලන්ත මහබැංකු ඔක්තෝබරයේ තවත් රන් ටොන් 06ක් මිලදීගෙන ඇත්තේ වසර තුළ රන් මිලදී ගැනීම් ටොන් 100 දක්වා ඉහළ නංවමිනි. 

ඒ අනුව එරට මුළු රන් සංචිතය ටොන් 340 දක්වා ඉහළ යැවේ.

2023 ඔක්තෝබර් මාසයේදී කැපී පෙනෙන ලෙස රන් සංචිත මිලදීගත් අනෙකුත් රටවල් අතර ඉන්දීය මහබැංකුව (Reserve Bank Of India) චෙක් ජනරජයේ මහබැංකුව, කිර්කිස්ථාන මහබැංකුව සහ කටාර් මහ බැංකුවද වන බව ලෝක රන් කවුන්සිලය සඳහන් කළේය. 

මෙලෙස මහබැංකු මඟින් රන් සංචිත මිලදී ගැනීම ලෝකයේ සමස්ත රන් අලෙවිය ඉහළ යාමටද හේතු වී තිබේ.

ඒ අනුව හතරවැනි කාර්තුවේ රන් මිලදී ගැනීම් සහ 2023 සමස්ත වසරේ රන් අලෙවිය වාර්තාගත මට්ටමකට පැවතිය හැකි බව ලෝක රන් කවුන්සිලය පෙන්වා දෙයි.

මෙලෙස ලොව පුරා මහ බැංකු රන් සංචිත මිලදී ගැනීම කැපීපෙනෙන ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් රොයිටර්ස් පුවත් සේවය A.J. Bell ආයෝජන සහ කොටස් තැරැව්කාර සමාගමේ ආර්ථික විශ්ලේෂක රාස් ටෝල්ඩ් (Russ Mould) ගෙන් විමසීමක් කළේය.

චීනය, ඉන්දියාව, ඇතුළු ගැනී එන වෙළෙඳපොළ රටවල් සහ රැසියාව විවිධ හේතුන් පදනම් කරගෙන මෙලෙස රන් සංචිත එක්රැස් කරන බව ඔහු සඳහන් කළේය. 

ඇතැම් රටවල් තමන් සතු අමෙරිකානු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය සීමා කිරීම සඳහා රන් මිලදී ගන්නා බවද රස් මෝල්ඩ් සඳහන් කළේය. 

තමන්ගේ වත්කම් සංචිත විවිධාංගීකරණය සඳහා ද තවත් රටවල් රන් මිලදී ගන්නා බව ඔහුගේ අදහසය.

රන් මිල ඉහළ යාමේ ප්‍රවණතාව හමුවේ පතල් කැණීමේ සමාගම් කොටස් මිල ද ඉහළ යන බව ඔහුගේ අදහසයි. 

කෙසේ නමුත් රන් කැණීම් සිදුකරන රට ගැනී එන වෙළෙඳපොළ රටක්ද, සංවර්ධිත රටකද යන්න එහිදී බලපාන කරුණකි. 

විශේෂයෙන් රන් සංචිත සහිත අප්‍රිකානු රටවල් රැසක පසුගිය කාලය තුළ සිදුවු හමුදා කුමන්ත්‍රණවලින් රන් සඳහා දේශපාලනික වාතාවරණයක් බලපාන ආකාරය පැහැදිලි වේ.

මේ සියලු කරුණු හමුවේ රන් මිල ඉහළ යාමේ ප්‍රවණතාව තවදුරටත් දැකිය හැකි වේ.

රන් අවුන්සයක මිල මේවන විට ඩොලර් 2,000ක මට්ටමේ පවතින අතර, පසුගිය දින 30 සැලකූ විට එය අවුන්සයකට ඩොලර් 20ක පමණ වැඩිවීමක් සහ මාස 06ක කාලය සැලකූවිට එය ඩොලර් 37ක වැඩිවීමකි.

වසරක කාලයක් සැලකූවිට රන් අවුන්සයක මිල ඩොලර් 175කින් පමණ  ඉහළ යාම කැපී පෙනෙයි.

මේ අතර ඩිජිටල් ගෝල්ඩ් ලෙස සැලකෙන බිට්කොයින් ක්‍රිප්ටොකරන්සි ඒකකයක වටිනාකමද මේවන විට ඩොලර් 41,000 ඉක්මවා ඇත්තේ, ඩොලර් සහ අමෙරිකානු බැඳුම්කර වෙනුවට ස්ථාවර වත්කම් විකල්පයක් ලෙසිනි. 

මූලාශ්රය: අදදෙරණ

Translate