ඩ්‍රෝන කැමරාවකින් අග්බෝ ව වීඩියෝ කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකුව තිරප්පනේ පොලීසිය විසින් ඊයේ (13) සවස අත්අඩංගුවට ගත්තේය.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් ප්‍රධාන සැකකරුව එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
එම පුද්ගලයින් කුඹුක්වෙල, මීතොටුමුල්ල, කුරුන්දන්කුලම සහ බුත්පිටිය ප්‍රදේශවල පිරිසකි.
ඔවුන් භාවිත කළ ඩ්‍රෝන කැමරාව ද පොලීසියේ බාරයට ගෙන තිබේ.
ප්‍රධාන සැකකරුට පසුව ඇප ලබාදී තිබූ අතර ඩ්‍රෝන කැමරාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වෙඩිවැදී තුවාල ලබා සිටි අග්බෝ ට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගේ බාරයේ ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව නිදහස් කර තිබුණි.
අග්බෝ මේ දිනවල තිරප්පනේ ප්‍රදේශයේ සැරි සරයි.
මූලාශ්‍රය: අදදෙරණ