Home » ලබන සතියේ ලොකු ළූණු මිල අඩු වෙයි
Asia Economy Featured News South Asia Sri Lanka

ලබන සතියේ ලොකු ළූණු මිල අඩු වෙයි

ඉන්දියාව සිය අපනයන සීමා නැවැත්වීමත් සමග තමන්ට ලොකු ළූණු ගෙන්වීමට නොහැකි බවත් ලොකු ළූණු ගෙන්වූ වහා ම තොග සහ සිල්ලර වෙළෙඳුන්ට හැකි ඉක්මනින් අලෙවි කරනවා මිස සඟවා තබාගැනීමට නොහැකි බවත් ලොකු ළූණු ගෙන්වන ආනයනකරුවෝ ‘මව්බිම’ට පැවසූහ.

උත්සව සමයේ පවතින විශාල ඉල්ලුමත් සමග ළූණු මිල ඉහළ ගිය ද ඉන්දියාවේ අපනයන සීමා පැනවීම සහ පකිස්තානය ලොකු ළූණු පාලන මිලක් පැනවීම හේතුවෙන් වෙන දා ගෙන්වන සාමාන්‍ය පිළිවෙළට අනුව මෙරටට ලොකු ළූණු ගෙන්වීමට නොහැකි බව වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු ‘මව්බිම‘ට පැවසීය.

ඉන්දියානු රජයෙන් ශ්‍රී ලංකා රජය කරනු ලබන ඉල්ලීමක් මගින් ලොකු ළූණු ගෙන්වා ගැනීමට හැකි බවත් මේ වන විට මාස තුනකට අවශ්‍ය ලොකු ළූණු තොග ඉල්ලා ඉන්දියානු මහ කොමසාරිස්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවත් ලේකම්වරයා පැවසීය.

පකිස්තානය ලොකු ළූණු සඳහා පැන වූ පාලන මිල වන මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 750 සීමාව මේ වන විට ඩොලර් 950ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම මිල යටතේ ද සියයට සියයක අත්තිකාරම් මුදලක් මත පමණක් අපනයනය සිදු කරන වාතාවරණයක් තිබෙන බවත් ඔහු කීය.

මේ නිසා පකිස්තාන රජයට ද එම මහ කොමසාරිස් මගින් ලොකු ළූණු ලබා ගැනීමට ලිඛිත ඉල්ලීමක් කළ බවත් පෞද්ගලික අංශ වෙත චීනය සහ නෙදර්ලන්තය වැනි වෙනත් රටවලින් ගෙන්වීමට අවස්ථාව ලබාදීමට කටයුතු කර ඇති බවත් ලේකම්වරයා පැවසීය.

ඒ අනුව ලබන සතිය වන විට ලොකු ළූණු රටට අවශ්‍ය තරම් ලැබෙනු ඇති බවත් මිල අඩුවනු ඇති බවත් ඔහු කීය.

මූලාශ්රය: මව්බිම

Translate