Home » බිත්තර මිල අඩු කරන්න බැහැ – නිෂ්පාදකයින්
Asia Economy Featured India News South Asia

බිත්තර මිල අඩු කරන්න බැහැ – නිෂ්පාදකයින්

උත්සව සමයේ බිත්තර මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින් පවසයි.

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සමග පැවැති සාකච්ඡාවකදී ඒ බව පවසා තිබේ.

ඇමති සමග සාකච්ඡාවට පෙර බිත්තර නිෂ්පාදකයින් එකතුවී කතාබහක නිරතවූ අතර එහිදී ඔවුන් සියලුදෙනාම රුපියල් 55ට අඩුවෙන් බිත්තර නිකුත් කිරීමට තීරණයක් නොගන්නා බවට එකඟතාවයකට පැමිණ තිබුණි.

එම සාකච්ඡාව අද දෙරණ කැමරාවේ රහසිගතව පටිගත වී තිබුණි.

“නත්තල් පහු වෙනකම් බිත්තරක මිල රුපියල් 55න් පහළට ගේන්නේ නැහැ. 45 එහෙම කියන්න එපා. 20 වනදා වෙනකොට වැඩේ ඕකේ.”

පසුව වෙළෙඳ අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා බිත්තර නිෂ්පාදකයින්ට දැනුම්දුන්නේ රුපියල් 55ට බිත්තරයක මිල පවත්වාගෙන යෑම සිදුකළ නොහැකි බවය.

එහිදී බිත්තර නිෂ්පාදකයින් චෝදනා කළේ බිත්තර මිල ඉහළයෑමට වගකිව යුත්තේ තමන් නොව බේකරිහිමියන් සහ අතරමැදියන් බවය.

කරුණු සිදුවන්නේ මෙලෙස නම් සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිබඳවද විශ්වාසයක් තැබිය නොහැකි බැවින් ඊට පෙර බිත්තර ආනයනය කිරීමට සිදුවන බව අමාත්‍යවරයා පැවසීය.

“අයේ ගේනවා කිව්වොත් ගේනවා. මං නැවත බිත්තර ආනයනය කරන්න කටයුතු කරනවා.” යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.

Translate