Home » ඊශ්‍රායලයේදී අතුරුදන්ව සිටි සුජිත් බණ්ඩාර යටවර මිය ගොස් ඇතැයි තහවුරු කෙරේ
Featured Israel News South Asia Sri Lanka

ඊශ්‍රායලයේදී අතුරුදන්ව සිටි සුජිත් බණ්ඩාර යටවර මිය ගොස් ඇතැයි තහවුරු කෙරේ

හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රැගෙන ගොස් සිටි බවට සැක කළ සුජිත් බණ්ඩාර යටවර මියගොස් ඇති බවට ඊශ්‍රායල පොලීසිය තහවුරු කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

mawbima.lk සිදු කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේ ය.

හඳුනා නොගත් මළ සිරුරක් හා ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල සමග සැසඳෙන බවට ඊශ්‍රායල පොලීසියේ ඉන්ටර්පෝල් ශාඛාව අද සනාථ කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

මිය ගිය සුජිත් බණ්ඩාර යටවරගේ දේහය තවමත් තානාපති කාර්යාලය වෙත නොලැබුණ බව ත් දේහය ලැබූ විට එරට පුද්ගලයන්ට අවසන් ගෞරව දක්වා ශ්‍රී ලංකාව වෙත එවීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ද නිමල් බණ්ඩාර වැඩිදුරට ත් සඳහන් කළේ ය.

මේ වන විට ඊශ්‍රායල හා හමාස් ගැටුමෙන් ලාංකිකයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

ඒ අනුව, ඊශ්‍රායලයේදී අතුරුදන් වී සිටි අනුලා ජයතිලක නමැති ශ්‍රී ලාංකික කාන්තාව මිය ගොස් තිබිණි.

මූලාශ්‍රය : මව්බිම

Translate