Home » බදු නොගෙවූ අරක්කු සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවයි
Economy Featured News South Asia Sri Lanka

බදු නොගෙවූ අරක්කු සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවයි

බදු ගෙවීම් පැහැර හරිමින් සිටි මත්පැන් නිෂ්පාදන ආයතන 5ක බලපත් අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ සඳහන් කරන්නේ මෙම ආයතන විසින් ගෙවිය යුතුව පවතින බදු ප්‍රමාණය රුපියල් මිලියන 6000 කට අධික වන බවයි. වයඹ ඩිස්ටලරීස්, මෙන්ඩිස්, රන්දෙණිගල, ෆින්ලන්ඩා සහ සිනර්ජි යන මත්පැන් නිෂ්පාදන සමාගම් පහේ මත්පැන් නිෂ්පාදන කටයුතු මේ අනුව අත්හිටවනු ලැබේ.

මත්පැන් නිෂ්පාදන ආයතන දීර්ඝ කාලයක් තිස්සේ රජයට අය විය යුතුව පවතින බදු මුදල් පැහැර හැරීම පිළිබඳ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී ද පසුගියදා දැඩිව කතා බහට ලක්විය. එහිදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කරනු ලැබුවේ ඔක්තෝම්බර් මස 31 වන දින වන විට හිඟ බදු මුදල් ගෙවීමට අපොහොසත් වන ආයතනවල නිෂ්පාදන බලපත් අවලංගු කරන ලෙසයි.

මෙලෙස බදු මුදල් ගෙවීම පැහැර හැර බලපත් අත්හිටවූ ආයතන කිහිපයක් පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් ව්‍යාජ මත්පැන් ස්ටිකර් ජාවාරමට ද වරදකරුවන් වී ඇත. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සුරාබදු කොමසාරිස්වරයා විසින් මේ බව ද අනාවරණය කරනු ලැබීය.

මූලාශ්‍රය : දිවයින

Translate