Home » ‘ගාසා සිටි‘ ඊශ්‍රායල හමුදාව මුළුමණින්ම වටලයි
Defence Featured Global News Israel News

‘ගාසා සිටි‘ ඊශ්‍රායල හමුදාව මුළුමණින්ම වටලයි

ගාසා තීරයේ පිහිටි ‘ගාසා සිටි‘ සම්පූර්ණයෙන්ම වටලා ඇතැයි ඊශ්‍රායල හමුදාව සදහන් කරන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

එහි පිහිටි හමාස් සංවිධානයේ මුරපොලවල්, මූලස්ථාන සහ අනෙකුත් හමාස් යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවත් සදහන් කෙරේ.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ උමං මාර්ග සහ රොකට් ලෝන්චර් ඇතුළු හමාස් යටිතල පහසුකම් ඉලක්ක කරන ගෙන ප්‍රහාර තිව්‍ර කර ඇති බවයි.

ගාසා තීරයේ හමාස් පාලනයේ පවතින් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කර ඇත්තේ ඔක්තෝබර් 7 වනදා සිට ගැටුම්වලින් 9,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

ඊශ්‍රායලය විසින් ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයට ගුවන් හා කාලතුවක්කු ප්‍රහාර දහස් ගණනක් එල්ල කර ඇත.
එසේම හමාස් සංවිධානය ඊශ්‍රායලයේ 1400කට අධික පිරිසක් ඝාතනය කර තවත් 200කට අධික පිරිසක් පැහැරගෙන යාමෙන් පසුව ඊශ්‍රායලය සිය මෙහෙයුම ආරම්භ කළේය.

මූලාශ්‍රය : දිනමිණ

Translate