Home » කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ‌සහ තේ මිල ඉහළට
Economy Featured Food & Drinks News South Asia Sri Lanka

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ‌සහ තේ මිල ඉහළට

තේ කෝප්පයක මිල රුපියල් 10කින්, කොත්තුවක මිල රුපියල් 20කින් සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 50කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (ඔක්. 5) පැවති මාධ්‍ය හමුවකදී ය.

ඔහු සඳහන් කළේ, ගෑස්, ඉන්ධන, විදුලි සහ ජල ගාස්තු ඉහළ යාම නිසා මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වී ඇති බව ය.

”ගෑස් මිල ඉහළ ගියා. ඉන්ධන මිල ඉහළ ගියා. ජල බිල්පත ඉහළ ගියා. විදුලි බිල්පත ඉහළ ගියා. නමුත් අපි කිසි ම ආකාරයකින් ආපන ශාලාවල අලෙවි වෙච්ච කිසිදු ආහාරපානයක මිල ඉහළ දැමීමක් සිදු කළේ නෑ. නමුත් අද දින ප්ලේන්ටියක් රුපියල් 10කින් කොත්තුවක් රුපියල් 20කින් සහ රයිස් එකක් රුපියල් 50කින් මිල ඉහළ දැමීමක් සිදු කරනවා”

මේ අතර, ආහාරපානවලට මිල පාලන ක්‍රමවේදයක් සකස් නොකිරීමෙන් 60%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (ඔක්. 5) පැවති මාධ්‍ය හමුවකදී ය.

”බත් පැකට් එක, කොත්තුව, ෆ්‍රයිඩ් රයිස් එක, කිරි තේ, ප්ලේන්ටිය, බී ලුණු ටික, හාල්, පොල්, පරිප්පු සීනි මිල පාලනයක් සහ මිල තීරණයක් ක්‍රමවේදයක් කඩිනමින් හැදුවේ නැති වුණොත් සොරි ඩොට් කොම්. 60%කට මන්දපෝෂණය”

මූලාශ්‍රය : මව්බිම

Translate