Home » ආනයනික අර්තාපල් බද්ද මාස 04කට දීර්ඝ කෙරේ
Asia Economy Featured News South Asia Sri Lanka

ආනයනික අර්තාපල් බද්ද මාස 04කට දීර්ඝ කෙරේ

ආනයනික අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවත් මාස 04ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් මස 08 වැනි දින සිට ඉදිරි මාස 04ක කාලයට ද ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ආනයනික අර්තාපල් සඳහා මේ වසරේ මාර්තු මස 08 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.

අදාළ බදු පැනවීම මාස 06ක කාලයක් සඳහා සිදු කර තිබූ අතර, එය තවත් මාස 04ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.

මීට පෙර ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පැවතියේ, රුපියල් 20ක විශේෂ භාණ්ඩ බද්දක් වන අතර, එය මාර්තු මාසයේ සිට ඉහළ දැමීමට රජය පියවර ගනු ලැබීය.

මූලාශ්‍රය: අදදෙරණ

Translate