Home » ඉන්දියාව සතුටු කඳුළු හෙළද්දී චන්ද්‍රයාන් 3 සඳ මතට
Asia Featured India News Science South Asia Sri Lanka

ඉන්දියාව සතුටු කඳුළු හෙළද්දී චන්ද්‍රයාන් 3 සඳ මතට

ඉන්දියාව විසින් ඉකුත් ජූලි 14 වැනිදා අභ්‍යවකාශගත කරන ලද ‘චන්ද්‍රයාන්- —-3’ අභ්‍යවකාශ යානයේ ‘වික්‍රම්’ නමැති උප යානය ඊයේ (23 දා) සවස සාර්ථක ලෙස සඳෙහි දක්ශිණ ධ්‍රවය වෙත ගොඩබස්වමින් එම ධ්‍රවය වෙත ගොඩබැස්වූ ලොව ප්‍රථම යානය බවට පත් විය.

ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6.04ට සදෙහි දක්ශිණ ධ්‍රවය වෙත ගොඩබැස්වීමට නියමිතව තිබූ ‘චන්ද්‍රයාන්-3‘ යානයට, අයත් වික්‍රම් යානය එම වේලාව පසු වී විනාඩි කිහිපයකට පසු සඳෙහි දක්ශිණ ධ්‍රවය වෙත ගොඩ බැස්වූ අතර එම මොහොතේ දකුණු අප්‍රිකාවේ බි්‍රක්ස් රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී සිටි ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතා එම අවස්ථාව සජීවි ලෙස, රූපවාහිනියෙන් නරඹමින් ඉන්දියාව දැන් සඳ මතට ගොස් ඇතැයි ප්‍රකාශ කළේය.

සඳ මතට ගොඩබැස්වූ වික්‍රම් යානයේ රෝද හයක් සහිත ප්‍රාග්‍යාන් නමැති රෝවර් යානය, පවතින අතර සැලසුම් කළ ආකාරයෙන් කටයුතු සිදු වුවහොත් එමගින් සඳ මතුපිට ජායාරූප හා දත්ත රැස්කර පෘතුවිය වෙත, එවීමට නියමිතය.

මූලාශ්‍රය : දිවයින

Translate