Home » ත්‍රිකුණාමලයේ ආගමික ස්ථාන අලුතින් ඉදිකරන්න ලේසි නැහැ
Asia Featured News South Asia

ත්‍රිකුණාමලයේ ආගමික ස්ථාන අලුතින් ඉදිකරන්න ලේසි නැහැ

1980 දශකයේ දී මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා සේම නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතිය ද කඩිනම් කර රටේ ආර්ථිකයට නව ජීවයක් ලබාදීමට හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය මෙරට බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවුක, ගුවන්, කර්මාන්ත මෙන්ම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (24) ත්‍රීකුණාමලය ගුවන් හමුදා කදවුරේ පැවති ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධනය පිළිබඳ විශේෂ රැස්වීමට එක් වෙමිනි.

දිස්ත්‍රික්කයේ පවතින රජයේ ඉඩම් සහ මහවැලි ඉඩම් කළමනාකරණය පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර 2019-2023 කාලසීමාව තුළ එම ඉඩම් ලබාදීම පිළිබඳ වාර්තාවක් සතියක් තුළ තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රමුඛ සාධකය ඉඩම් බවත්, එය නිසි කළමනාකරණයකින් පවත්වාගෙන නොගියහොත් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරාගත නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

එසේම තරගකාරි ලෙස ආගමික ස්ථාන ඉදි කිරීම නතර කළ යුතු බවත්, ඉදිරියේ දී ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන ඉදිකිරීමේ දී ආගමික නායකයන්, ආණ්ඩුකාරවරයා, දිස්ත්‍රික් දේශපාලන නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණයකට එළැඹිය යුතු බවටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ.

මූලාශ්‍රය : දිවයින

Translate