Home » නියගය මැද දිනක විදුලි වියදම කෝටි 160 පනී – තාප බලාගාර සියල්ලම වැඩ
Asia Featured News South Asia Sri Lanka

නියගය මැද දිනක විදුලි වියදම කෝටි 160 පනී – තාප බලාගාර සියල්ලම වැඩ

දකුණේ විදුලි දීගය අද ඇරඹේ

රත්නපුර සිරිපාගම තේ වත්තක් හරස්වීම නිසා වසර දෙකහමාරක් තිස්සේ අවසන් කිරීමට නොහැකිව තිබූ පොල්පිටිය – හම්බන්තොට අධිබලැති විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ කටයුතු අද (24 දා) නිමාවන බව ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව ජාතික විදුලි පද්ධතියෙන් දකුණු පළාතට මෙගාවොට් 800 ක් සම්ප්‍රේෂණය කළ හැකි වීමෙන් ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙහි කාලයක් තිස්සේ පැවැති විදුලි අර්බුදයට තිරසාර විසඳුමක් ලැබෙන බව ද ඒ මහතා කීය. ජාතික විදුලි පද්ධතිය දකුණට සම්බන්ධවීම නිසා පද්ධතිය සමතුලිත වන බව ද ඔහු පැවසීය.

ලංවිම විදුලි ඉංජිනේරු සංගමයේ වත්මන් සභාපති ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු අනුරුද්ධ තිලකරත්න මහතා ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගත් අමරිකානු ඩොලර් මිලියන හතළිහක මුදලක් වැයකොට මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ මීට වසර දෙකහමාරකට පමණ පෙරාතුවය.

කෙසේ වෙතත් පොල්පිටිය සිට රත්නපුර, සිරිපාගම දක්වා අධිබලැති සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකළ පසු අක්කර දෙසීයක ඉඩමක් හරස්වීම නිසා ව්‍යාපෘතිය නතර වී තිබිණි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ මැදිහත්වීම මත අදාළ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට පසුව හැකි විය.

මේ අතර වත්මන් නියඟයත් සමග රටේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සඳහා තාප බලාගාර හා නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් අඛණ්ඩව විදුලිය නිපදවීමට සිදුවීම නිසා දිනක විදුලි නිෂ්පාදන වියදම රුපියල් කෝටි 160 ක් (මිලියන 1600) දක්වා වැඩි වී ඇතැයි ද නන්දික පතිරගේ මහතා කීය. (සුළං හා සූර්ය බලාගාර වියදම් මීට ඇතුළත් නැත.)දැඩි අව් රශ්මිය නිසා දෛනික විදුලි ඉල් ̈ම ගිගාවොට් පැය 40 සිට ගිගාවොට් 50 දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඒ මහතා පැවසීය.කෙසේ වෙතත් දකුණේ පිහිටි ඒස් පවර් පුද්ගලික බලාගාරයෙන් මෙගාවොට් 100 ක් ලබාගැනීමට අනුමැතිය ලැබී තිබෙන නිසා කප්පාදුවකින් තොරව රටටම විදුලිය ලබාදීමට හැකි බව ද ඒ මහතා කියා සිටියේය

මූලාශ්‍රය : දිවයින

Translate