Home » ෆුකුෂිමා අපජලය මුදා හැරීමෙන් පසු චීනය ජපන් මුහුදු ආහාර තහනම් කරයි
Asia China Featured News South Asia

ෆුකුෂිමා අපජලය මුදා හැරීමෙන් පසු චීනය ජපන් මුහුදු ආහාර තහනම් කරයි

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ පිරිපහදු කළ අපද්‍රව්‍ය ජලය පැසිෆික් සාගරයට මුදා හැරීම ආරම්භ කිරීමත් සමග ජපානයෙන් විශාලතම මුහුදු ආහාර ගැනුම්කරු වන චීනය ජපන් මුහුදු ආහාර ගෙන්වීම තහනම් කර තිබේ.

චීනය සහ හොංකොං එක්ව සෑම වසරකම ජපානයෙන් ඩොලර් බිලියන 1.1 (පවුම් මිලියන 866) කට වඩා වැඩි මුහුදු ආහාර ආනයනය කරන අතර එය ජපානයේ මුහුදු ආහාර නිෂ්පාදනයෙන් හරි අඩකට සමාන වේ. එ අනුව ජපානයේ මුහුදු ආහාර ව්‍යාපාරයට මෙය බලවත් පහරකි.

මේ සම්බන්ධයෙන් ජපානය පවසන්නේ, ෆුකුශිමාහි ජලය පිරිපහදු කිරීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවන හෙයින් එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය ජලය මුදා හැරීම අනුමත කළ බවයි. ඒ අනුව දිරියේදී, න්‍යෂ්ටික බලාගාරයේ ගබඩා කර ඇති ජලය ටොන් මිලියනයකට වඩා ඉදිරි වසර 30 තුළ මුදා හරිනු ඇත.

පසුගිය වසර දෙක තුළ සැලැස්ම ප්‍රකාශයට පත් කළ දා සිට විරුද්ධවාදීන්ගෙන් වඩාත්ම හඬ නඟා ඇති චීනය, ජලය බැහැර කිරීම අතිශයින්ම ආත්මාර්ථකාමී සහ වගකීම් විරහිත ක්‍රියාවක් ලෙස හදුන්වා තිබිණි. ඔවුන් ප්‍රකාශ කරන්නේ, ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය මගින්, විකිරණශීලී ට්‍රිටියම් අඩංගු ජලය පොම්ප කරන බවයි.

මූලාශ්‍රය : ලංකා නිවුස්

Translate