Home » එක් රැයක මෙහෙයුමකින් ජයගත් යුක්‍රේනය!
Asia Europe Featured Global News News Russia South Asia Sri Lanka Ukraine

එක් රැයක මෙහෙයුමකින් ජයගත් යුක්‍රේනය!

රුසියාව විසින් අත්පත් කරගත් භූමියක් වන ක්‍රිමියාව එක රැයකින් “විශේෂ මෙහෙයුමක්” සිදු කිරීමෙන් පසු එහි තම ජාතික ධජය එසවූ බවට යුක්රේනය දන්වා සිටියි.

යුක්රේන නාවික හමුදාව සහ හමුදා බුද්ධි අංශ විසින් සියලු ඉලක්ක සහ කර්තව්‍යයන් අවසන් කර ඇතැයි යනුවෙන් පවසමින් මෙම වැටලීම සිදු කර ඇති බව යුක්රේන බුද්ධි අංශ අද(බ්‍රහස්පතින්දා) දින ටෙලිග්‍රෑම් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

ස්වාධීනව තහවුරු කර නොමැති මෙම වැටලීම යුක්රේන හමුදාවන්ට ක්‍රිමියාවේ ගොඩබිම් මෙහෙයුම් දියත් කිරීමට උපයෝගී වනු ඇත.

රුසියාව 2014 දී මෙම භූමිය අල්ලාගෙන ඔවුනට ඈඳා ගෙන තිබුණි.

මූලාශ්‍රය : ලංකා නිවුස්

Translate