Home » දිවයින පුරා පිිහිටි සියලු තැපැල් කාර්යාල සඳහා ආරක්ෂාව ලබා දීමේ වැඩපිළිවෙළක් – ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර
Asia Featured News Politics South Asia Sri Lanka

දිවයින පුරා පිිහිටි සියලු තැපැල් කාර්යාල සඳහා ආරක්ෂාව ලබා දීමේ වැඩපිළිවෙළක් – ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

දිවයින පුරා පිිහිටි සියලු තැපැල් කාර්යාල සඳහා නිල වශයෙන් ආරක්ෂාව ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා  පාර්ලිමේන්තුවේ දී  (24) මේ බව සඳහන් කළේය.

දිවයිනපුරා පිහිටි තැපැල් කාර්යාල වල සිදුවන සොරකම් සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මේ වන විට දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 14 කට ආසන්න ප්‍රමාණයක සොරකම් සිදු වී ඇති බවයි. එම තැපැල් කාර්යාල වලින් රුපියල් ලක්ෂ72කට වඩා වැඩි මුදලක් සොරා ගෙන ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය. තැපැල් කාර්යාල සඳහා නිල වශයෙන් ආරක්ෂාව ලබා දෙන ලෙස පොලිසිය භාර අමාත්‍යවරයාගෙන් නිල වශයෙන් ඉල්ලීම් කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ;
මේ මෑතකදී සිදු වුණ සොරකම සිදු වුණේ තඹුත්තේගම තැපැල් කාර්යාලයේ. පොලීසිය පේන දුර ඉඳන් තඹුත්තේගම තැපැල් කාර්යාලය කැඩුවා. තැපැල් කාර්යාල ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා, තැපැල් දෙපාර්තමේන්තුවේ බිලියන 10ක් වටිනා ඩිජිටල් කරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. එය ඉදිරියේදී
කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරනවා. ඒ අනුව භාණ්ඩා බෙදා හැරිම ඇතුළු සියළු කටයුතු ඩිජිටල් කරණයට අනුව සිදු කළ හැකියි.

මූලාශ්‍රය : සිංහල පුවත්

Translate