Home » ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නව සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල්
Featured News Sri Lanka

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නව සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල්

දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් බහුල නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නව සභාපති ලෙස ඊයේ (17) කොළඹ කොල්ලුපිටියේ පිහිටි එම බැංකුවේ ප්‍ර‍ධාන කාර්යාලයීය පරිශ්‍රයේදී සාමාන්‍යාධිකාරී/ප්‍ර‍ධාන විධායක නිලධාරී අජිත් පීරිස් මහතාගේ, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ හා කාර්ය මණ්ඩලයේ සුභාශිංසන මධ්‍යයේ වැඩ භාර ගත්තේය.

ආචාර්ය කබ්රාල් මහතා ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පනත, සමාගම් පනත, වාණිජ නීතිය, වාණිජ බේරුම්කරණය, ජාත්‍යන්තර වාණිජ නීතිය යන ක්ෂේත්‍ර‍යන්හි සිවිල් හා අපරාධ නීතිය සම්බන්ධයෙන් වසර 35ක අත්දැකීම් බහුල ප්‍ර‍වීණයකි. ජනාධිපති නීතිඥයකු ලෙස වසර 17ක් කටයුතු කර ඇති හෙතෙම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා වාණිජ මහාධිකරණයේ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇත්තෙකි.

මූලාශ්‍රය : දිනමිණ

Translate