Home » උමා ඔය ව්‍යාපෘතියෙන් නුදුරේ දීම විදුලිය
Economy Featured News Sri Lanka

උමා ඔය ව්‍යාපෘතියෙන් නුදුරේ දීම විදුලිය

උමා ඔය ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය ඔස්සේ තව මාස කිහිපයකින් මෙරට විදුලිබල පද්ධතියට විදුලිය සැපයිය හැකි බව එම ව්‍යාපෘති සමාගම පවසයි.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ෆරාබ් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය අලි වකිලි, උමා ඔය ව්‍යපෘති කළමනාකරු සහ එම සමාගමේ නියෝජිතයන් පිරිසක් ඊයේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේ දී  මේ බව සදහන් විය.

උමා ඔය විදුලි බලාගාරයේ පළමු කොටසේ ඉදිකිරීම් නිමකර මේ වසරේ අගෝස්තු මාසයේදී ජාතික පද්ධතියට එක්කිරීමටද, දෙවන කොටස මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ජාතික පද්ධතියට එක් කිරීමටද හැකිවන බව එම නියෝජිතයන් සදහන් කර ඇත. 

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති යටතේ ජාතික පද්ධතියට එකතුවන සම්පූර්ණ විදුලිබල ධාරිතාව මෙගාවොට් 120 කි.

මෙම සාකච්ඡාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ නිළධාරීන්, විදුලිබල මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ෆරාබ් ආයතනවල නියෝජිතයන් ද සහභාගි විය. 

මූලාශ්‍රය : දිනමිණ

Translate