Home » ණය ප්‍රතිව්‍යුහගතකරණය සාධාරණ හා විනිවිදභාවයකින් සිදු කෙරෙනවා
Economy Featured News Sri Lanka

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාධාරණ හා විනිවිදභාවයකින් සිදු කෙරෙනවා

විවිධ දේශපාලන නියෝජිතයන් විසින් සිදු කෙරෙන පදනම් විරහිත ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“කඩා වැටුණු ආර්ථිකයකින් යළි නැඟී සිටිමින්, සමස්ත ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින අවස්ථාවක දී ණය ප්‍රතිව්‍යුහගතකරණය දේශපාලනීකරණය කරමින්, විවිධ දේශපාලකයන් ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා. නමුත් මෙම ප්‍රකාශ වල කිසිදු සත්‍යතාවයක් හෝ පදනමක් නැති බව අවධාරණය කරනවා. ද්වීපාර්ශ්වික ණය හිමියන් සමඟ සාකච්ඡා වලින් පසුව,ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය කෙසේ සිදු විය යුතු දැයි අවසන් තීරණය ගෙන, රජය විසින් මෙතෙක් ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ පරිදි ම එය ප්‍රකාශයට පත් කෙරෙනවා. ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලියට කිසිදු මැදිහත්වීමක් හෝ නොකරන පාර්ශ්වයන් විසින් පදනම් විරහිතව මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ යම් යටි අරමුණකින් බවත්, එවැනි ප්‍රකාශ පිළිබඳව ජනතාව සෑම විටම අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් කිව යුතුයි. ඒ වගේම මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ තීරණය, සාධාරණ පදනමකින් විනිවිදභාවයෙන් යුතුව ගන්නා බව රජය නැවතත් තහවුරු කරනවා.”

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය. “රටේ ආර්ථිකය කඩා වැටීමට බලපෑ සාධක අපි මේ වනවිට අවබෝධ කරගෙන තිබෙනවා. නැවතත් එවැනි ආර්ථික ආගාධයකට රට ගෙන යන කිසිදු තීරණයක් ජනාධිපතිතුමාහෝරජය විසින් ගන්නේ නැහැ.” 

රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින විට එවැනි පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම වගකිව යුතු මහජන නියෝජිතයන් විසින් සිදු කිරීමඅනුමත කළ නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මූලාශ්‍රය : දිනමිණ

Translate