Home » කොළඹ ආරක්ෂාව හදිසියේ තර කළේ ඇයි?
Featured News Sri Lanka

කොළඹ ආරක්ෂාව හදිසියේ තර කළේ ඇයි?

මැයි 12 වැනිදා සිට කොළඹ නගරයේ ආරක්ෂව තර කර තිබේ. කොළඹ නගරයේ මෙන්ම තදාසන්න ප්‍රදේශවල සැරිසැරීමේදී පොලිසිය හා යුද හමුදාව නගරාසන්න ආරක්ෂාව සදහා යොදවා ඇති බව දැකගත හැකිය.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ, “ලැබුණු යම්කිසි බුද්ධි තොරතුරක් අනුව ආරක්ෂාව සඳහා ගත යුතු අවශ්‍ය ක්‍රියාමාර්ග තමා අරං තියෙන්නේ.”යනුවෙනි.

කොළඹ නගරයේ පමණක් ආරක්ෂාව තරකර ඇති නමුත්, රටපුරා ආරක්ෂාව තරකිරිමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව ඔහු පැවසීය.

ඒ අනුව විවිධ අපරාධ ක්‍රියා මර්දනය සඳහා පරීක්ෂා කිරීම් ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව තාවකාලිකව හදිසි මාර්ග බාධක ද ක්‍රියාත්මකය.

colombo security
ඡායාරූප ශීර්ෂ වැකිය,රටපුරා ආරක්ෂාව තරකිරීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.

කොළඹ සහ නුගේගොඩ, මිරිහාන ඇතුළු ප්‍රදේශවල අප කළ සංචාරයකදී පොලිස් කණ්ඩායම් හා යුද හමුදාව යොදවා එම ප්‍රදේශවල ආරක්ෂව තරකර අයුරු දැකගත හැකිවිය.

පොලිස්පති ලිපිය

අලුතින් මාර්ග බාධක

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් පැවසුවේ “අද දවසේ අලුතින් මාර්ග බාධක යොදවා තිබෙනවා. පොලිසිය හා හමුදාව එක්ව ඒ මාර්ග බාධක දාලා තියෙන්නේ. හමුදාව යොදවලා ඉන්නේ ස්ටෑන්බයි.”

ඒ සම්බන්ධයෙන් හේතූ විමසීමේදී හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, “හේතුව තමා මේ දවස්වල රටේ පවතින මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැඩිවීම, බීමත්ව රිය පැදවීම් නතර කිරීම සහ ක්‍රයිම් රේට් එක”

“ඊයේ දිනයේ සාමාන්‍යයෙන් පොලිසිය හා යුද හමුදාව කන්ටින්ජන්සි එකක් තමා කළේ, හදිසි අවස්ථාවකට කොහොමද මුහුණ දෙන්නේ කියලා බලන්න. ඊයේත් හමුදාව හිටියේ ස්ටෑන්බයි. පොලිසිය තමා රාජකාරිය කරන්නේ. හමුදාව ඉන්නවා හදිස්සියක් වුණොත් ඒ ගොල්ලන්ට උදව් කරන්න.” ඔහු කියා සිටියේය.

මහජනතාවට කුකුසක්

මෙම ආරක්ෂාව තරකිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ රාත්‍රියේ සිට විවිධ රාවයන් සහ නොනිල ප්‍රවෘත්ති පැතිර ගොස් තිබුණි.

ඇතමුන් මත පළ කර තිබුණේ ඉදිරියේදී සිදුවීමට නියමිත යම් කිසි දේශපාලනික වෙනසක් පදනම් කර ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි.

කෙසේවෙතත් මේ දක්වා නිල වශයෙන් එවන් කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත නිකුත් වී නැත.

මූලාශ්රය : BBC

Translate