Home » ඉන්දියාව මැදපෙරදිගට වැඩි අවධානයක් දෙයි
Economy Featured India Middle East News

ඉන්දියාව මැදපෙරදිගට වැඩි අවධානයක් දෙයි

මැදපෙරදිග කලාපය සමග පවතින සබඳතා තර කරගැනීමට ඉන්දියාව පියවර ගනිමින් සිටී.

ඒ සඳහා වන නව ව්‍යාපෘති සැලසුම් කරමින් සිටින බවත් ඉන්දියාව පවසා තිබේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය මැදපෙරදිග කලාපය වෙත සිදුකරන මැදිහත්වීම් ඉහළ නැංවීම හේතුවෙන් ඉන්දියාව ද සිය කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවය.

ඒ, හමුවේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක, අමෙරිකානු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක උපදේශකවරුන් හමුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

එහිදී දුම්රිය මාර්ග හරහා මැදපෙරදිග රටවල් සම්බන්ධ කෙරෙන ඒකාබද්ධ යටිතල පහසුකම් ව්‍යාපෘතියක් පිළිබඳව ඔවුන් සාකච්ඡා කර ඇතැයි ද පැවසෙයි.

ඊට අමතරව ඉන්දු පැසිෆික් මෙන්ම මැදපෙරදිග කලාපය සම්බන්ධයෙන් ද චීනයේ මැදිහත්වීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබේ.

මූලාශ්‍රය: අදදෙරණ

Translate