Home » දකුණු ආසියාවේ අන්තර් රඳාපැවැත්ම ගැන නැවත සිතීමේ අවශ්‍යතාවය – (මහාචාර්ය රොහාන් සමරජීව)
Economy Featured India News

දකුණු ආසියාවේ අන්තර් රඳාපැවැත්ම ගැන නැවත සිතීමේ අවශ්‍යතාවය – (මහාචාර්ය රොහාන් සමරජීව)

ඉන්දියාව කේන්ද්‍ර කරගත් දකුණු ආසියානු කලාපය පසුගිය දශක ගණනාව මුළුල්ලේ ලෝකයේ ආර්ථික වශයෙන් අවම වශයෙන් ඒකාබද්ධ වූ කලාපය බවට පත්ව තිබේ.

එසේම, එම කලාපය ඌන සංවර්ධනයේ ආර්ථික ප්‍රතිවිපාකවලට වැඩියෙන් ගොදුරු වූ කලාපයකි. මෙම කාරණා හොඳින් ලේඛනගත කර තිබේ.

එහෙත්, මතුපිටින් පෙනෙන්නේ ඊට පටහැනි තත්වයකි. එනම්, ඓතිහාසික හා සංස්කෘතික වශයෙන් ද මෑතකාලීනව පරිපාලන සම්බන්ධකම් හරහා ද කලාපය ඒකාබද්ධ වී ඇති ස්වභාවයකි. අසල්වාසීන් අතර ආවේණික තත්වයක් ලෙස තිබුණු ඉන්දියාව පිළිබඳ අවිශ්වාසය මෑත ඉතිහාසයේ අවම වී තිබේ. එයට පාදකවූ කරුණක් වන ඉන්දියානුවන් විශාල වශයෙන් පිටතට සංක්‍රමණය වීම ද දැන් වෙනස් වී තිබේ. අවිශ්වාසයට හේතු වූ අනෙකුත් සාධක අතරට විදේශ ප්‍රතිපත්ති පිළිබඳ මන්ඩලා න්‍යායේ නවීන ප්‍රභේද අයත් වේ. එනම්, අසල්වැසි රටවල සුළුතර ප්‍රජාවන් ඉන්දියාවේ ඓන්ද්‍රිය සහචරයින් ලෙස ස්ථානගත කරන විදේශ ප්‍රතිපත්තියයි. එසේම, නිදහසින් පසු දශක කිහිපය තුළ අභ්‍යන්තරයට යොමු වූ ආර්ථික ප්‍රතිපත්ති මගින් ද සම්බන්ධතා වර්ධනයට බාධා ඇති විය.

 86971279 86971278

ඉන්දියාවේ සහ එහි අසල්වාසීන්ගේ (මේ දිනවල ලංකාව හැර) ආර්ථිකයන් අඛණ්ඩව වර්ධනය වෙමින් තිබේ. ඔවුන්ගේ ගෝලීය සම්බන්ධතා විවිධ මට්ටමේ ලිබරල්කරන සන්දර්භයන් තුළ වර්ධනය වෙමින් තිබේ. නව රාමුවක සජීවී අංකුර මතු වූයේ මෙම පසුබිම තුළයි. අන්‍යෝන්‍ය වශයෙන් අන්තර් රඳා පැවැත්මක් සහිත මෙම රාමුව, බලශක්තිය, විදුලි සංදේශ සහ ප්‍රවාහනය කේන්ද්‍රගත කරගෙන නිර්මාණය විය. මෙමගින් ඉහළ මට්ටමේ ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට හැකි වී තිබේ.

කාටත් තේරුම් ගත හැකි හේතූන් මත, ඉන්දියාව සමඟ දේශසීමා බෙදා ගන්නා පකිස්තානය සහ චීනය සම්බන්ධ සිද්ධීන් මෙම සාකච්ඡාවෙන් ඈත් කිරීම අවශ්‍ය වේ. බංගලි දේශය හැර ඉතිරි අසල්වැසි රාජ්‍ය කුඩා ඒවාය. ශ්‍රී ලංකාව මෙම කුඩා අසල්වැසියන් අතරට අයත් වේ. වැඩි කලාපීය අන්තර් රඳා පැවැත්මකින් සහ ඉන්දියාව සහ අනෙකුත් රාජ්‍ය සමඟ සමීප ආර්ථික සබඳතාවලින් ශ්‍රී ලංකාවට සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබාගත හැකිය. බලශක්තිය, විදුලි සංදේශ සහ ප්‍රවාහනය යනු අනාගත අවස්ථා වර්ධනය කරමින් මෙම අන්තර් රඳාපැවැත්ම තවදුරටත් පුළුල් කරන ක්ෂේත්‍ර තුනකි.

බලශක්තිය: කලාපීය බලශක්ති ජාලයන් සමග සම්බන්ධ වීම

india bhutan hydroelectric power plant 759


දකුණු ආසියාතික රටවල් අතරින් භූතානය සහ නේපාලය සතුව අතිවිශාල ජලවිදුලි විභවයන් ප්‍රමාණයක් තිබේ. 20වන සියවසේ අග භාගයේ සහ 21වන සියවසේ මුල් භාගයේදී ඉන්දියාව භූතානයට එහි ජල විදුලි ප්‍රභවයන් දියුණු කිරීමට උදව් කළ අතර නිපදවන ලද විදුලිය ද මිල දී ගත්තාය. එය ඉක්මනින්ම භූතානයේ ප්‍රාථමික අපනයනයක් බවට පත් වූ අතර භූතාන රජයේ ආදායමෙන් සියයට 70ක් තරම් ප්‍රතිශතයකට දායක විය. එක් මිළදීගන්නකු පමණක් සිටින තත්වය එතරම් යහපත් එකක් නොවේ. නිෂ්පාදිතය කේබල් මගින් සම්ප්‍රේෂණය කරන විදුලි බලය වන විට, අමතර වෙළඳපොළ සංවර්ධනය කිරීමේ අවස්ථා සීමිතය.

එහෙත්, එම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වූ අතර අන් අයට ආදර්ශයක් විය. ඉන්දියාවට විදුලිය මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් තම අරමුණු ඉටුකරගැනීම සඳහා භූතානයට බලපෑම් කළ හැකිව තිබූ බව සත්‍යයකි. එහෙත්, බටහිර බෙංගාලය, බිහාර්, ඔඩිෂා සහ ජාර්කාන්ද් යන ප්‍රාන්තවල ආර්ථිකයන්ට බලපාන විශාල කඩාකප්පල්කාරී තත්ත්වයක් එමගින් ඇති විය හැකිව තිබුණු නිසා විදුලිය මිලදී ගැනීම් නතර වූයේ නැත. මෙම සම්බන්ධය කඩාකප්පල් කිරීම දෙපාර්ශවයටම බරපතල හානි සිදු කරයි. එය දිගටම පවත්වාගෙන යාම රාජ්‍ය දෙකටම ප්‍රයෝජනවත්ය. මෙය ප්‍රායෝගික අන්තර් රඳා පැවැත්ම සඳහා උදාහරණයකි.

බලවත් අසල්වැසියා මත යැපීමට ඇති බිය පදනම් විරහිත කාරණයක් නොවේ. 2013දී භූතානයට ඉන්දියාවෙන් සහනාධාර මත ලබාදුන් ඉන්ධන කපා හරින ලදී. එය සිදුකළේ භූතාන පාර්ලිමේන්තු මැතිවරණයට බලපෑම් කිරීම සඳහාය. චීනය සමඟ භූතාන රාජ්‍යයේ සබඳතා වර්ධනය වීම පිළිබඳ ඉන්දියාවේ අප්‍රසාදය එයට හේතු විය. ඉන්දියාව විසින් 2015දී නේපාලයට ආර්ථික අවහිර ඇතිකිරීම සම්බන්ධයෙන් බොහෝ සාධාරණයකිරීම් ඉදිරිපත් කරන ලදී. එහෙත්, එය බොහෝ විට නේපාල ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී ඉන්දියා-නේපාල දේශසීමාවට යාබද කලාපයේ මාදේසි ජනයාට සැලකූ ආකාරය පිළිබඳව ඉන්දියාව සිය අප්‍රසාදය ප්‍රකාශ කළ ආකාරය විය.

A power station stands at the site of the Punatsangchhu hydro-electric power project in Wangdue, Bhutan, on Saturday, Feb. 11, 2012. Bhutan, with a population of just over 700,000 sandwiched between China and India, uses an index called "Gross National Happiness" to measure the success of its economy. Photographer: Adeel Halim/Bloomberg via Getty Images

භූතානය සහ නේපාලය සමඟ වෙළඳාම් කළ ඉන්දියානුවන්ට ඉහත ක්‍රියා  අයහපත් ලෙස බලපෑවේය. එහෙත්, එම බලපෑම කෙරෙහි එතරම් අවධානයක් යොමු නොකර බලපෑම් දේශීයව දරාගන්නා ලදී. එය ඉන්දියාව භූතානයෙන් විදුලිය මිලදී ගැනීම නැවැත්වීමෙන් සිදුවිය හැකි කඩාවැටීමට වඩා බෙහෙවින් වෙනස්ය. භූතානයෙන් විදුලිය මිල දී ගැනීමෙන් ඉන්දියාවට සැලකිය යුතු ප්‍රතිලාභ අත් වේ. එය නැවැත්වීම ඉන්දීය ආර්ථිකයේ විශාල කොටසකට බරපතල ප්‍රතිවිපාක ඇති කරනු ඇත. එනමුත්, දෙරටේ ආර්ථිකයන් අතර දැඩි අසමානතාව නිසා ඉන්දියාවට ඇතිවන බලපෑම භූතානයට ඇතිවන බලපෑම හා සමාන නොවේ.

මේ අනුව පෙනී යන්නේ තම ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට හෝ ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන ඕනෑම රටක් සියලු ඉන්ධන සැපයුම් තනි රටකින් ලබා ගැනීම වැනි තීරණාත්මක පරායත්තභාවයන් ගැන ප්‍රවේශම්විය යුතු බවයි. කෙසේ වෙතත්, අන්‍යෝන්‍ය අන්තර් රඳා පැවැත්මේ නිර්ණායක සපුරන ගනුදෙනු සහ සම්බන්ධතාවලින් ලැබෙන වටිනා ප්‍රතිලාභ මගහැරීම තේරුමක් නැත.

ස්වෛරීභාවය උපරිම කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් භූතානය ඉන්දියානු විදුලිබල පද්ධතියට විදුලිය විකිණීමේ අවස්ථාව ප්‍රතික්ෂේප කළේ නම්, ප්‍රතිපලය වනුයේ දැවැන්ත අපනයන ආදායමක් සහ රාජ්‍ය බදු ප්‍රභවයක් අත්හැරීමකි. එසේ කලේ නම් පසුගිය දශක කිහිපය තුළ භූතානය අත්දුටු වේගවත් ආර්ථික වර්ධනය ඔවුනට අහිමි වනු ඇත. ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා ඉවහල් වන විශ්වාසදායක පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ඉන්දියාවට ද අහිමි වන්නට ඉඩ තිබිණි.

 අනාගත ප්‍රක්ෂේපණ 2: 
ඉන්දියා-ශ්‍රී ලංකා දේශසීමා හරහා විදුලිය වෙළඳාම වඩාත් සංකීර්ණ කාර්යයකි. ශ්‍රී ලංකාවේ ජලවිදුලි ප්‍රභවයන් සම්පූර්ණයෙන්ම වාගේ දියුණු කර අවසන්ය. වර්තමානයේ ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇත්තේ සුළං සහ සූර්ය බලශක්තිය සංවර්ධනය කිරීම කෙරෙහිය. ඒ දෙක ඒවායේ ස්වභාවයෙන්ම අස්ථාවර ඒවා වන අතර එම විදුලිය යම් මට්ටමකින් ඔබ්බට කුඩා විදුලිබල පද්ධතියකට ඇතුළත් කිරීමේදී දුෂ්කරතා ඇති වේ.1 Figure1 1මෙම ගැටලුවට පැහැදිලි විසඳුමක් වූයේ පෝක් සමුද්‍ර සන්ධිය හරහා HVDC (අධි වෝල්ටීයතා සරල ධාරා) කේබලයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ විද්‍යුත් ජාලයන් අතර අන්තර් සම්බන්ධතාවක් නිර්මාණය කිරීමයි. මන්නාරම් ද්‍රෝණියේ සහ වෙනත් තැන්වල ජනනය වන අස්ථාවර සුළං හා සූර්ය විදුලිය වර්තමානයේදී අවශෝෂණය කරගනු ලබන්නේ ප්‍රධාන පද්ධතියටයි. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය අංශයේ ඉන්දියානු ආයෝජන ක්‍රියාවලිය මගින් මෙම ක්‍රියාවලිය වේගවත් කරන ලදි.ඒ හා සමානව, දිගු කලක් තිස්සේ භාවිතයට නොගත් ත්‍රිකුණාමල තෙල් ටැංකි සඳහා ඉන්දියානු ආයෝජන මගින් අවසානයේ ඉන්දියාවේ නැගෙනහිර මුහුදු තීරය ඇතුළු සුවිසල් බෙංගාල බොක්ක කලාපයට සේවා සපයන බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට ත්‍රිකුණාමලය වරාය පත්කිරීම ඔස්සේ බෙහෙවින් කතාබහට ලක්ව තිබෙන විභවය සඳහා අවස්ථාව උදා විය.

විදුලි සංදේශනය: බෙදාහදාගත් සබඳතාව

ටෙලිකොම් බෑන්ඩ්විත්වල අන්තර් රඳාපැවැත්ම කලාපීය වශයෙන් ද මතු වී ඇත. කෙසේ වෙතත් මෙහි බල අසමමිතිය වෙනස් ස්වරූපයක් ගනියි. දත්ත සන්නිවේදනයේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ දේශීයව මෙන්ම ලොව පුරා පිහිටි දත්ත මධ්‍යස්ථාන වෙත ද ටෙරාබයිට් පරිමාණයෙන් දත්ත රැගෙන යා හැකි සම්ප්‍රේෂණ මාර්ග සඳහා ඇති ඉල්ලුම වේගයෙන් වැඩි විය.

21 වන ශතවර්ෂයේ මුල් දශකවලදී, ඉන්දියාවේ ජාත්‍යන්තර සාමුද්‍රික කේබල් සඳහා ප්‍රධාන ප්‍රවේශ ස්ථාන වූයේ එහි බටහිර වෙරළ තීරයේ මුම්බායි, කොචි සහ තිරුවනන්තපුරම්, නැගෙනහිර වෙරළ තීරයේ දකුණු කොටසේ තූත්තුකුඩිය සහ චෙන්නායි විය. එයින් අදහස් වන්නේ, ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තවල සිට අන්තර්ජාල පිවිසුම් ස්ථාන වෙත යාමට දිගු දේශීය බැක්හෝල් වීමකි (එනම්, දුරස්ථ සම්බන්ධයකි). එය සිදුවූයේ සිලිගුරි කොරිඩෝව දිගේ එළා ඇති සීමිත කේබල් ප්‍රමාණයක් ඔස්සේය. නේපාලය සහ බංග්ලාදේශය අතර කිලෝමීටර් 60ක භූමි ප්‍රදේශයක් වන සිලිගුරිහි පටුම ස්ථානයේ පළල කිලෝමීටර් 22කි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඊසානදිග ප්‍රාන්ත හතේ අන්තර්ජාල සේවාවේ ගුණාත්මකභාවය දුර්වල විය.

IMG Cables submarinos 0 tamañoweb

සිලිගුරි කොරිඩෝවට පහළින් බංග්ලාදේශය පිහිටා ඇති අතර එහි භූමිය තුළ ජාත්‍යන්තර කේබල් පිවිසුම් ස්ථාන දෙකක් තිබේ. ඊසානදිග ප්‍රාන්ත මෙන්ම බටහිර බෙංගාලය සහ සිකිම් ද අත්විඳින බැක්හෝල් ගැටලුවට විසඳුම ඒ සමග සම්බන්ධ වීමයි. ඉන්දියාව බංග්ලාදේශයේ තොග වාහකයන්ගෙන් බෑන්ඩ්විත් මිලදී ගැනීමට එකඟ වූ පසු, සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු වූ අතර පිරිවැය ද අඩු විය.

මෙම සංදර්භය තුළදී, ඉන්දියාව බංග්ලාදේශය මත යැපෙන බවට තර්ක කළ හැකිය. තාක්‍ෂණිකව ගත් කල, සපයනු ලබන බැක්හෝල් සේවාවන්හි ගුණාත්මකභාවය කපා හැරීමට හෝ පිරිහීමට ලක්කිරීමට බංග්ලාදේශයට හැකිය. කෙසේ වෙතත්, එයින් සිදුවන්නේ දිගු කාලීන සේවා අපනයන අවස්ථාවන්ට හානි සිදුවීම සහ බංග්ලාදේශ වාහකයන්ට දේශීය හා ජාත්‍යන්තර කේබල්වල භාවිතයට නොගත් ධාරිතාව නිසා පාඩු විඳීමට සිදුවීමයි. මෙහිදී නැවතත්, අන්තර් රඳා පැවැත්මේ නිර්ණායක තෘප්තිමත් වේ.

 අනාගත ප්‍රක්ෂේපණ 3:

පසුව, ඉන්දියාව නේපාලයට සහ භූතානයට ද සිලිගුරි කොරිඩෝව හරහා බංග්ලාදේශය හරහා ජාත්‍යන්තර කේබල් වෙත සම්බන්ධ වීම සඳහා අවසර දුන්නාය. එමඟින් ඔවුන්ට ද අඩු ප්‍රමාදයන් සහ පිරිවැය ප්‍රතිලාභ සහිත සම්බන්ධතාවක් ලබාගත හැකි විය.
 අනාගත ප්‍රක්ෂේපණ 4: 
SEA-ME-WE 5 කේබලය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතරට ඍජුව සම්බන්ධ වේ (පෙර මෙන් ස්පර්ස් හෙවත් ප්‍රධාන සම්බන්ධතාව සමග යා කරන ලද අතුරු සම්බන්ධතා හරහා සම්බන්ධ වීමෙන් සිදුවූ මිලි තත්පර ගණනක ප්‍රමාදය දැන් මගහැර තිබේ). හම්බන්තොට කේබල් අලුත්වැඩියා කිරීමේ පහසුකම ඇති ස්ථානයයි. ඒ සමගම, ජාත්‍යන්තර සම්බන්ධතාව සම්බන්ධයෙන් ප්‍රධාන භූමිකාවක ආරම්භය ශ්‍රී ලංකාවට ලැබී තිබේ. මාතර සිට බැංගලෝර් සහ හයිද්‍රාබාද් හරහා අග්‍රා දක්වා දිවෙන ආසියානු අධිවේගී මාර්ගය වන AH 43, මාර්ග අධිකාරීන් සතු ෆයිබර් ඔප්ටික් කේබල් පද්ධතියක් අතුරා දෙරට විසින්ම වැඩිදියුණු කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස චෙන්නායිහි කේබල් පිවිසුම හරහා සපයනු ලබන සම්බන්ධතා අවකාශයෙහි අතිරික්තයක් ඇති විය.
ap 20160107 01 CableendreachedtheMelakabeach

ප්‍රවාහනය: ලෝක මට්ටමේ වරායවල නැව්ගත කිරීම

කොළඹ වරාය යනු දිගු කලක් තිස්සේ ඉන්දියාවට සේවා සපයන දෙවන විශාලතම බහාලුම් වරායයි. මේ වන විට, කොළඹ සහ ජවහර්ලාල් නේරු වරාය භාරය (JNPT) වරාය හෙවත් Nhava Sheva වරාය දකුණු ආසියාවේ විශාලතම සහ දෙවන විශාලතම බහාලුම් වරායන් වන අතර ලෝකයේ හොඳම වරායන් 25 හෝ 30 අතර වේ. කොළඹ වරාය ඉන්දියාවේ දෙවන විශාලතම බහාලුම් වරාය යැයි කීම වැරදි නැත.

මන්ද කොළඹ හරහා යන බහාලුම්වලින් සියයට 70කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියානු වරායන්ගෙන් එන ඒවා හෝ ඒවා වෙත යන ඒවා වන බැවිනි. විශාලතම බහාලුම් යාත්‍රා නැවැත්වීමේ හැකියාව ඇති කලාපයේ පළමු ගැඹුරු වරාය කොළඹ වරායයි. ගැඹුරු දකුණු වරාය මෙම සියවසේ මුල් දශකය තුළ නිම කරන ලදී. එය කන්ටේනර් පර්යන්ත තුනක් සඳහා නිර්මාණය කර ඇති අතර, ඉන් පළමුවැන්න 2013 වසරේ සිට ක්‍රියාත්මක වූ අතර දෙවැන්න හා තෙවැන්න 2025 වන විට නිම කරනු ඇත. කොළඹ දකුණු වරායට අමතරව තවත් බහාලුම් පර්යන්ත තුනක් කොළඹ වරායේ ඇති අතර එකක් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයකි. වැඩිපුරම බහාලුම් හසුරුවන පර්යන්තය වන්නේ දකුණු වරායේ CICT වන අතර එය සියයට 85ක් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩිංග්ස් සමාගම සතු වේ. ඉන්දියානු නැව්කරුවන්ට CICT පර්යන්තයේ කාර්යක්ෂමතාවයේ ප්‍රතිලාභ ලබාගැනීමට සහ එය හරහා විශාලතම නැව් වෙත ප්‍රවේශ වීමට ඉන්දියාව සහ චීනය අතර තිබෙන ආතතීන් බාධාවක් වී නැත. දෙවන පර්යන්තයේ බහුතර අයිතිය ඉන්දියාවේ අදානි සමූහයට අයත් වේ.

කොළඹ වරායේ අඛණ්ඩ සාර්ථකත්වය රඳා පවතින්නේ ඉන්දියාව විසින් ප්‍රති නැව්ගත කිරීම සඳහා කොළඹ වරාය යොදා ගැනීම මතය. ඉන්දියානු ධාරිතාව නොවේ නම්, කොළඹ වරාය ලෝකයේ හොඳම බහාලුම් වරායන් 25 අතරට නොපැමිණෙන අතර UNCTAD විසින් නම් කරන ලද හොඳම සම්බන්ධිත වරායන්ගෙන් එකක් බවට ද පත්නොවනු ඇත. ඉන්දීය දේශපාලනඥයන්, විශේෂයෙන්ම මැතිවරණ ආසන්නයේදී, දැන් කොළඹට ගලා යන ප්‍රතිනැව්ගත කිරීමේ ගාස්තු ඉතිරි කර ගැනීමට හැකි වන පරිදි දකුණු ඉන්දියාවේ නාවික කේන්ද්‍රස්ථානයක් ගොඩනැගීමේ අවශ්‍යතාව ගැන ද කතා කරනු ඇත.

KKS Harbour and Colombo Port project
 අනාගත ප්‍රක්ෂේපණ 5:කොළඹ වරාය ඉන්දියානු ප්‍රවාහන පද්ධතියේ අනිවාර්ය අංගයක් ලෙස හඳුනාගෙන වෙනස් කොට සැලකීමකින් තොරව කටයුතු කිරීම සහතික කළ ආංශික ගිවිසුමකට එළඹීමට රජයන් දෙක ගත් තීරණය හේතුවෙන් දේශපාලනඥයින් විසින් කාලානුරූපීව විවිධ දේශපාලන වාසි සඳහා පෙනීසිටීම අවසන් විය. කොළඹ වරාය කාර්යක්ෂම නම්, එයට ව්‍යාපාරික අවස්ථා ලැබේ. ඉන්දියානු නැව්කරුවන් ද වරායන් අතර ඇති කාර්යක්ෂමතාවෙන් සහ තරඟකාරීත්වයෙන් ඔවුන්ගේ ව්‍යාපාර සඳහා වාසි ලබනු ඇත. ඉන්දියාවේ අනාගතය සහ දකුණු ආසියානු කලාපයේ කුඩා රාජ්‍යයන් සමඟ ඇති සබඳතා තවදුරටත් හැඩගස්වා ගැනීමට මෙම අන්‍යෝන්‍ය පරායත්ත රාමුවට හැකිය.

මූලාශ්රය: නායකයා

Translate