Home » ඉන්දියාව රුසියාවේ තෙල් ආනයනය දස ගුණයකින් ඉහළ නංවයි
Economy Featured India News

ඉන්දියාව රුසියාවේ තෙල් ආනයනය දස ගුණයකින් ඉහළ නංවයි

ආසියාවේ තුන්වන විශාලතම ආර්ථිකය හිමි ඉන්දියාව පසුගිය වසර තුළ රුසියාවේ ආනයනය කරන ලද බොර තෙල් දස ගුණයකින් ඉහල නංවා ඇති බව ඉන්දියාවේ බෑන්ක් ඔෆ් බරෝඩා බැංකුව සඳහන් කර තිබේ.

2021 දී ඉන්දියාව විසින් වාර්ෂික රුසියානු බොරතෙල් ආනයනයෙන් 2% ක් පමණ ආනයනය කළ අතර එම අගය මේවන විට 20% කට ආසන්න බව බැරෝඩා බැංකුව පවසයි.

එක්සත් ජනපදයේ සහ යුරෝපයේ බලපෑම් නොතකා, රුසියානු ආනයනයන් සඳහා බටහිර සම්බාධක පිළිපැදීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර ඇත. ඉන්දියාව බලශක්ති ආනයනය මත යැපෙන සහ මිලියන ගණනක් දරිද්‍රතාවයේ සිටින රටක් ලෙස, වැඩි මිලක් ගෙවීමට තමන්ට හැකියාවක් නොමැති බව පවසමින් ඉන්දියාව තෙල් ආනයනය වෙනුවෙන් රුසියාව වෙත නැඹුරු විය.

ඒ අනුව සහනදායී වට්ටම් යටතේ රුසියානු තෙල් මිලදී ගැනීමට ඉන්දීයාව හා චීනය යොමු වූ අතර විශ්ලේෂකයන් පවසන්නේ රුසියාව ආසියාවේ විශාලතම බලශක්ති ආනයනකරුවන්ට ලාභ තෙල් ලබා දීම දිගටම කරගෙන යනු ඇති බවයි.

මූලාශ්රය : Lanka News

Translate