Home » ණය සාකච්ඡාවට චීනය නිරීක්ෂකයෙක් ලෙස එක්වෙයි
Asia China Economy Featured News Sri Lanka

ණය සාකච්ඡාවට චීනය නිරීක්ෂකයෙක් ලෙස එක්වෙයි

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය සඳහා ණයහිමි රටවල පළමු රැස්වීම මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (09) පැවැත් වෙයි.

ඒ පසුගිය අප්‍රේල් මාසයේ ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය එක්වී අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවරදී එළිදක්වන ලද නව රාමුව යටතේය.

කෙසේ නමුත් මෙරට විශාලතම ද්වීපාර්ශ්වික ණයහිමියා වන චීනය අද පැවැත්වෙන සාකච්ඡාව සඳහා සහභාගී වීම අවිනිශ්චිත බව ජපානය ප්‍රකාශ කර තිබුණි.

එවන් පසුබිමක අද පැවැත්වෙන සාකච්ඡාවට චීනය නිරීක්ෂකයෙකු ලෙස එක්වීමට තීරණය කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත.

මූලාශ්රය : Adaderana

Translate