Home » ඉන්දීය අගමැති ප්‍රධාන ලේකම් හා මහ කොමසාරිස් මිලින්ද අතර හමුවක්
Featured India News Politics Sri Lanka

ඉන්දීය අගමැති ප්‍රධාන ලේකම් හා මහ කොමසාරිස් මිලින්ද අතර හමුවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධාන ලේකම් ආචාර්ය ප්‍රමෝද් කුමාර් මිශ්‍රා සහ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පසුගියදා හමුවිය.

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදය ඉදිරියේ ඉන්දියාව ලබා දෙන සහයෝගය පිළිබඳව මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මෙහිදී ආචාර්ය මිශ්‍රාට ස්තුතිය පළ කළ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඇතුළුව දැනට පවතින ප්‍රගතිය පිළිබඳ තොරතුරු දක්වමින් ශ්‍රී ලංකාව ගමන් කරන මාර්ගය පිළිබඳව දැනුවත් කිරීමක් කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීම අරමුණු කරගෙන දෙරට අතර ක්‍රියාත්මක කළ හැකි වැදගත් ව්‍යාපෘති මහ කොමසාරිස්වරයා මෙහිදී සාකච්ඡා කළේය.

මහ කොමසාරිස් මොරගොඩද ප්‍රධාන ලේකම්වරයාද පසුගිය පෙබරවාරි මාසයේ මුණ ගැසුණු අතර එහිදී පැවැති සාකච්ඡාවේදී අවධානය යොමු කළ ද්විපාර්ශ්වික සබඳතාවට අදාළ කරුණු ගණනාවක් ගැන මෙහිදී පසු විපරමක්ද කර ඇත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තවදුරටත් ඉදිරියට ගෙන යා හැකි ආර්ථික ඒකාබද්ධතාව මූලික කරගෙන, ශ්‍රී ලංකාවේ ඉන්දීය ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම, ද්විපාර්ශ්වික වෙළෙ¼දාම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සහ විධි, විදුලිබල හා බලශක්ති ක්‍ෂේත්‍රයේ සහයෝගිතාව මෙන්ම දෙරට අතර රුපියල වෙළෙ¼දාමට අදාළ කරුණුද සාකච්ඡාවට ලක් විය.

කැබිනට් ශේ‍ර්ණියේ නිලධාරියකු වන ආචාර්ය මිශ්‍රා 2019 සැප්තැම්බර් මාසයේ සිට අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධාන ලේකම් ධුරය හොබවයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම ලේකම් දීපක් මිට්ටල් සහ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මූලාශ්රය : Mawbima

Translate